කොච්චිකඩේ ප්‍රදේශයේදී දියේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන්වී තිබෙන බව වාර්තා වේ.

තෝප්පුව පාලමෙන් මා ඔයට පැන පාසල් සිසුවෙකු දියේ ගිලී ඇති බවට සිසුවාගේ පියා විසින් පැමිණිල්ලක් සිදු කර ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි අකරගම මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

මුදල් ගෙවීමක් සිදුකිරීමට යන බව නිවැසියන්ට දන්වා මෙලෙස පිටව ගොස් ඇති එම සිසුවා දියට පැන ඇති බවට සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

කොච්චිකඩේ පොලීසිය නාවික හමුදා කිමිදුම්කරුවන්ගේද සහය ඇතිව අතුරුදන් වූ සිසුවා සොයා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්