අද (13) දිනයේ රත්තොට ජල පවිත්‍රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ අනුව අද පස්වරු 08.00 සිට හෙට (14) පෙරවරු 06.00 දක්වා පැය 10ක කාලයක් රත්තොට, කයිකාවල, වේරගම යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටු වන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ජල කප්පාදුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය නම් 1939 අංකය අමතා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල වැඩිදුරටත් සඳහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්