අද (13) පෙරවරුවේ දුම්රිය රියැදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට අවසන් කර තිබෙන බව වාර්තා වේ.

රියැදුරන්ගේ වෘත්තිය සමිතිය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් වැඩ වර්ජනය අවසන් කර ඇත.

උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 23ක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අවලංගු වී තිබේ.

අද උදෑසන කාලයේදී ප්‍රධාන මාර්ගයේ, මුහුදුබඩ මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රියන් අවලංගු කරන බවට දැනුම් දීමක් ද සිදු කර තිබුණි

මෙන්න බලන්න තවත් පුවත්