ඊයේ (12) සවස් කාලයේදී හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර ප්‍රදේශයේ පිහිටා ඇති කුමාරි ඇල්ලේ දියනෑමට ගිය පුද්ගලයින් පිරිසක් අතරින් එක් පුද්ගයෙකු දියේ ගිලී ජීවිත්කෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

එසේ මියගොස් ඇත්තේ, 43 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පක් තර ඇති අතර හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

එමෙන්ම අනුරාධපුර, සුවාත හංදිය පොකුණු තුන අසල පොකුණක දියේ ගිලී කාන්තාවක් මියගොස් තිබෙන බව වාර්තා වේ. එසේ මියගොස් ඇත්තේ, 70 හැවිරිදි අනුරාධපුර පූජා නගරයේ සිටින යාචක කාන්තාවක් බවට අනාවරණය වී ඇත.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අරත අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙන්න බලන්න තවත් පුවත්