
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට 21 ක් වතාවක් උත්සාහ කළ ආණ්ඩුව, දැන් මැතිවරණයට මුදල් නොදී සිටීමට ද උත්සාහ කරමින් සිටින බව, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මැතිවරණ කොමිසමට දෙන වියදම් නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අමාත්‍යංශ ලේකම්වරු තමන්ට ව්‍යවස්ථාවෙන් පැනවී ඇති නියෝග පිළිපැදීමට අනිවාර්යෙන් බැඳී සිටින බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මතක තබා ගත යුතු බව ඔහු කියා සිටී. නීතිගරුක නිලධාරියෙක් ලෙස ඔහු එම කාර්යය ඉටුකරනු ඇති බව බලාපොරොත්තු වන බව ද හෙතෙම කීවේය.
මෑත කාලයේ ආණ්ඩුව පැවැත්වූ උත්සව හා ආණ්ඩුවේ ආදායම් අනුව මෙයට වැයවන්නේ දිනක ආදායම බව කී මන්ත්‍රීවරයා මෑතකදී පැනවූ බද්දෙන් මෙවැනි මැතිවරණ 10 ක් පැවැත්විය හැකි බව ඔහු පෙන්වා දුනි.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
Source – Lankadepa