
අද (13) දින ධාවන වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය වාර විශාල ප්‍රමාණයක් ධාවනය නොවන බවට වාර්තා වේ.
මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන අතර ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රියන් වන මහව සිට කොළඹ සහ මොරටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රියද ධාවනය නොවන බවත් මීට අමතරව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා කාර්යාල දුම්රිය කිහිපයක් ද අද උදෑසන අවලංගු කර තිබුණ බවත් නිවේදනය කර තිබුණි.
මේ අතර මුහුදු බඩ මාර්ගයේ හික්කඩුව සිට මරදාන දක්වා උදෑසන 5.25ට ධාවනයවීමට නියමිතව තිබූ කාර්යාල දුම්රියක්ද ධාවනය නොවන අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තවත් කාර්යාල දුම්රිය කිහිපයක්ද අවලංගු කර තිබේ.