
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් වරක් ජනාධිපති ධුරයට තරග කළ යුතු බවට වන යෝජනාවක් නිදහස් පක්ෂය විසින් සම්මත කරගෙන තිබේ. ඊයේ (11) පෙරවරුවේ ඩර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභා රැස්වීම පැවැත්විය.
මෙම කාරක සභාව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිට තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් ද මීට එක්වී සිටි අතර එහිදී අදාළ යෝජනාව සම්මත වී ඇති බව වාර්තා විය.
රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ඔවුන් පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡා කොට ආසන සංවිධායකයින්ගෙනුත් අදහස් විමසා ඊයේ සිට වහාම මෙතෙක් ගෙන ගිය වැඩපිළිවෙල කාර්යක්ෂම කරන්න කියලා උපදෙස් දී ඇති බවයි.
අද එකමතිකව තීන්දු වුණා ඔබතුමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් කියලා ? යනුවෙන් මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු කියා සිටියේ “මට මතක හැටියට එහෙම යෝජනාවකුත් ඉදිරිපත් වුණා වගේ. පක්ෂය කියනවා නම් මම පිළිගන්න ඕනේ.” බවයි.