
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි එක්දරු මවක් තම දෙවැනි බිළිඳිය ඉදිකටු පහනේදි බිහිකර පුවතක් වාර්තා වේ
ඊයේ 11 රාත්‍රියේ දී මෙම කාන්තාව ඇයගේ ප්‍රසූතය සිදුකර ඇති අතර, එම නව බිළිඳිය ගැහැනු දරුවෙකු බවත් නල්ලතන්නිය පොලිසිය පවසයි.
සති අන්තය හේතුවෙන් ගත වූ දෙදින තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි ඇති අතර, එම පිරිස අතර රත්නපුර – මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක් ශ්‍රී පාද – උඩ මළුව දක්වා කරුණා කිරීමට ඉදිකටු පහන ප්‍රදේශයේ දිගු වේලාවක් නතර ව සිටියදි මෙම සිදුවීම සිදුව ඇත්තේ රාත්‍රී 7.30ට පමණ බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.
දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් ඉඳිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින් විසින් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ස්ථානාධිපතිවරයා පොලිස් මුරපොලේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සහය මත මව සහ බිළිඳිය ආධාරක ඇඳන් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන එන ලෙසටයි.
බිළිඳා ප්‍රසූත කිරීම සඳහා පැමිණ සිටි කාන්තා බැතිමතුන්ගේ සහාය ද ඇයට හිමිව තිබේ.
ඉන් අතරතුර සුවසැරිය ගිලන් රථය නල්ලතන්නිය වෙත කැඳවා තිබු නල්ලතන්නිය පොලිසිය මව සහ දරුවා ගිලන් රථයට නංවා දික්ඔය මුලික රෝහලට යොමු කර තිබෙන අතර දරු ප්‍රසුතිය සිදු කල මව සහ අලුත උපන් සිඟිත්තියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව දික් ඔය මූලික රෝහල සඳහන් කරයි.
-උපුටා ගැනීම අවසන් – Aruna lk