කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු.ඉතාමත් කෙටි කාලයකින් කලාවට ඇවිල්ලා කලාව ප්‍රගුණ කරපු ඇය අද වන විට ශ්‍රී ලංකාවේ අංක එකේ රූපවාහිනි නාලිකා වල ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහටත් දැකබලාගන්න අපිට අවස්ථාව උදා වෙනවා.

තරින්දි සෑම අවස්ථාවකදීම නිරූපණය කළේ ඇයට ගැළපෙන චරිත පමණයි. ඒ වගේම තමයි සඳහන් කරන්න ඕනේ ඇය කලාව ඉගෙන ගන්නත් ගොඩක් දුරට ආසාව දක්වන කෙනෙක්.ඒ නිසාම වෙන්න ඇති අග්‍රගන්‍ය ටෙලි නිර්මාණ වල ප්‍රධාන චරිත නිරූපණය කරන්න ඇයට හැකියාව ලැබෙන්නේ.

පසුගිය කාලයේ මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පිළිබඳව නොයෙකුත් ආකාරයේ කට කතාවන් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වුණා.ඒ අතරින් එක එක කතාවක් තමයි ඇය ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් සමග සමග ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා කියන කතාව.ඇත්තටම ඔහු ඉසුරු හෙට්ටිආරච්චි කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ.හැබැයි මේ කතාවේ ඇත්ත නැත්ත පිළිබඳව අපි කිසිම දෙයක් දන්නෙ නැහැ.මේ විදියට නම් ගම් ඇතිව ගොඩක් දෙනෙක් සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය වල යන විවිධාකාරයේ කට කතා.ඒ දේවල් ඒ විදිහට සිද්ධ වුණත් කටකතා හදන මේ පුද්ගලයන්ගේ ඇත්ත තත්ත්වය පිළිබඳව තරින්දි බොහොම විවෘතව පුවත්පතක් සමග අදහස් ඉදිරිපත් කර ගෙන තිබුණේ මේ විදිහටයි.

“සමාජ මාධ්‍ය හරහා මං ගැන කට කතා රැසක් ප්‍රචාරය වෙලා තියෙනවා.ඒ අතරින් එක කටකතාවක් තමයි මම ජනප්‍රිය නළුවෙක් එක්ක living together සම්බන්ධයක් තිබ්බා කියන එක. තවත් සමහරු කියනවා මම විවාහ වෙලා මේ වෙද විවාහයෙන් දික්කසාද වෙලා ඉන්නවා කියලා.ඇත්තටම මේ හැම එකක්ම පට්ටපල් බොරු.living together ඉන්නවත් කාටවත් කියන්නෙ නැතුව හොරෙන් විවාහ වෙන්නවත් මට කිසිම වුවමනාවක් නැහැ. මටත් ආදර සම්බන්ධතා තිබිල තියෙනවා හැබැයි ජීවිතයේ විවිධ ප්‍රශ්න නිසා ඒ සියලුම දේවල් බිඳ වැටුණු අවස්ථා මගේ ජීවිතේ තියෙනවා.”

බොරුවට කටකතා හදන පුද්ගලයන්ට ඒ විදිහට කට කතා නිර්මාණය කරලා මොන වගේ සතුටක් ලබනවා ද කියන කරුණ ඇය කියන මේ ප්‍රකාශයෙන්ම අපට තේරුම් ගන්න පුළුවන්.කෙසේ නමුත් කවුරු මොනවා කිව්වත් ඇය යන ගමන සාර්ථකව ගමන් කරන්න ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

පැරණි පුවත් – මට රෙවෙයි කියලා මම වේදිකාවෙන් බැහැලා ගියා – හදවතේ ගායකයා චාමර වීරසිංහ

ලංකාවේ සංගීත ප්‍රසංග ගොඩක්ම ජනප්‍රියයි, හැබැයි ලංකාවේ පසුගිය කාලයේ ලංකාවේ සංගීත ප්‍රසංග පැවැත්වුනේ ගොඩක් අඩුවෙන්, ඒකට ප්‍රධානම හේතුව තමයි පසුගිය කාලයේ ලෝකයේ පැවති වසංගත තත්වය. ජනතාවට එකතු වෙන්න බැරි නිසා ඒ වසර තුන පුරාවටම ලංකාවේ සංගීත ප්‍රසංග පැවැත්වුනේ නෑ, කොහොම වුනත් මේ වනවිට ඒ තත්වය ටිකක් වෙනස් වෙලා, අද වනවිට ලංකාවේ තැනින් තැන සංගීත ප්‍රසංග පවත්වනවා, ඒ වගේම ප්‍රසංග දැන් ප්‍රසංග වලට ප්‍රේක්ෂක ආදරේ නැවතත් ලැබෙන්න පටන් අරගෙන තියෙනවා,

ඉතින් එළිමහන් සංගීත ප්‍රසංග ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි චාමර වීරසිංහ කියන්නේ, 2000 දශකයේ මුල් කාලයේ ඉඳලම චාමර වීරසිංග ලංකාවේ ගොඩක්ම ජනප්‍රියයි, 1988 වසරේ ඔක්තෝම්බර් මස 21වන දින උපන් චාමරගේ උපන් ගම වෙන්නේ මාතර දික්වැල්ලයි, මේ වනවිට චාමර 33වන වියෙහි පසුවෙනවා, ඒ වගේම තමයි ලංකාවේ දීර්ඝ කාලයක් වසරේ ගායකයා ලෙස සම්මාන ලබා ගන්නෙත් චාමර වීරසිංහ විසින්, ඉතින් හැමෝගෙම හදවත දිනාගෙන ඉන්න චාමර වීරසිංග මේ වනවිට විවාහ වෙලා ඉන්නේ ප්‍රසන්ගි වීරසිංහ සමග, චාමරනම් ආදරේට ප්‍රසන්ගිට කියන්නේ සුද්දී කියලා කියලයි අපිට දැනගන්න ලැබුනේ,

ඉතින් අද අපි කියන්නේ යන්නේ චාමර වීරසිංහට ප්‍රසංගයකට ගිහින් වෙච්ච පුංචි කරදරයක් ගැන මේ සිදුවීම වෙලා තියෙන්නේ මීට කාලෙකට කලින් ඉතින් ඒ සිදුවීම ගැන චාමර අයියා ප්‍රසිද්ධ මාධ්‍ය වැඩසටහනකදී කිවුවේ මේ වගේ කතාවක් ” මෙහෙමයි දවසක් අපි ගියා අම්පාරේ ෂෝ එකකට, පර්පල්රේන්ජ් සංගීත කණ්ඩායම තමයි ප්ලේ කලේ, අපේ බෑන්ඩ් එකට කලින් පොඩි බෑන්ඩ් එකක් ගැහුවා පැයක් විතර, අපි ඉතින් හවස එහෙ ගිහිල්ලා වැවක නාලා එද්දී තිබ්බා මාතර බත් කඩයක් අපිත් මාතර නේ ඉතින් මාතර බත් කඩවල්වල කෑම රස නිසා එකෙන් කාලා ඊටපස්සේ ෂෝ එකට ඇවිත් සිංදු පහක් විතර ගහද්දී කට්ටිය ඇඹරෙනවා, මම බෑන්ඩ් සින්ගර් විදියට ඉන්න කාලේ, ඊළඟට බෝබ්මාලිගේද කොහෙද සින්දුවක් කියන්න තිබ්බේ, මම කිවුවා මට රෙවෙයිඕක කියන්න බෑ කියලා මම බැහැලා දිවුවා, අර කලින් බෑන්ඩ් එකක් ගහපු නිසා ඒ මාලිලාටත් දිදී මාරුවෙන් මාරුවට ෂෝ එක ගැහුවේ, අසමෝදගම් බිව්වේ ක්‍රීම් සෝඩා බොනවා වගේ, එදානම් ජීවිතේට අමතක වෙන්නේ නෑ”

මෙන්න බලන්න තවත් පුවත්