
කටුගස්තොට නවයාලතැන්න ජම්බුගහපිටිය මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වී සිදු වූ අනතුරකින්14 හැවිරිදි දියණියක සහ ඇයගේ 47 හැවිරිදි පියාකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් කටුගස්තොට ජම්බුගහපිටියේ මළ ගෙදරකට ගොස් යළි ගම්පොළ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
උපකාරක පන්තියකට සිසුවිය පියා සමග ආපසු නිවෙසෙට එමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලැබ සිටි පියා සහ දියණිය කටුගස්තොට රෝහලට රැගෙන ගියද ඒ වන විටත් මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල පල්ලේගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචිව සිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කරන අඹගහගෙදර රෝහණ ජයන්ත (47) නැමැති තිදරු පියකු සහ ඔහුගේ බාල දියණිය වන කටුගස්තොට නවයාලතැන්න සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන මධූෂී මේකලා ධනංජනා යන 14 හැවිරිදි දියණියයි.
පැරණි පුවත් – මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රියයි.
මහේෂ් රත්සර මද්දුම ආරච්චිගේ නවතම රූපවාහිනී රචනයක් වන එම ටෙලි නිර්මාණය ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයක්.
එම නාට්‍ය තුළින් බොහෝ තරුණියන්ගේ නෙත් සිත් වසඟ කරගත් ඉතාමත් කඩවසම් පෙනුමකින් හෙබි නව යොවුන් අවදියේ පසුවන ඔහුව බොහෝ දෙනා දැන අදුනන්නේ නිර්වාන් නමින්.
කියා දෙන්න ආදරය තරම් ටෙලි නාට්‍යයේ ප්‍රේමවන්තයකු ලෙස රංගනයේ යෙදෙන නිර්වාන් සැබෑ ජීවිතයේ තමන්ගේ ආදරය ගැන කිව්වේ මෙහෙම කතාවක්.
ආදරය කියන්න හැඟීම් ගොඩකින් එකතු වෙච්ච එක හැඟීමක්. ආදරේදි අවංක වෙන්න ඕන. ඒක ලැබුන හරි නොලැබුණා හරි තමන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නවා බලාගෙන ඉන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ආදරේ කියන්නෙ.
මම කැමැතියි ගතිගුණ ගැන කියනවා නම්,
එහෙම විශේෂ ගති ගුණයක් කියලා නැහැ. ඕනෑම අවස්ථාවකදී එයා මගේ ළඟ ඉන්න ඕන. අපි දෙන්න අතර වෙන දේවල් අපි දෙන් අතර විතරක් තියාගන්න පුළුවන් කෙනෙක්ට මම ගොඩක්ම කැමැතියි. අපි අතරේ හොඳ කණ්ඩායම් හැඟීමක් තියෙන්න ඕන.
ඒ හැරුනහම ඉතින් මට හිත ගියොත් ඒ කෙනාට අනුගත වෙන්න මට පුළුවන්. විශේෂ රූපයක් මගේ හිතේ ඇඳිලා නෑ.
ජිවිතය තුළට අහඹුවක් ලෙසින් පැමිණී අවස්ථාවකින් කලා ක්ෂේත්‍රයට පිවිසීමට වරම් ලැබූ සචින්ගේ මෙම කලා ගමන් මග තවතවත් සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.