බුලත්සිංහල හොරණ මාර්ගයේ ගෝවින්න සල් ගස් හංදියේ දී අද උදෑසන යතුරුපැදියක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි කෞශල්‍ය චාමර නැමැති 31 හැවරිදි මෝටර් රථ ධාවන ශූරයෙක් බවයි වාර්තා වන්නෙ.
ඔහු තවත් දෙදෙනකු සමග යතුරුපැදිවලින් හොරණ ප්‍රදේශය සිට බුලත්සිංහල දෙසට යන අතරතුර මතුගම සිට හොරණ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
මෙසේ අනතුරට පත් වුණු යතුරුපැදිය රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා බව පොලිසිය සඳහන් කළා.
වැඩි දුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසිය මගින් සිදු කරනු ලබනවා.

පැරණි පුවත් – මම ගොඩාක්ම ආදරේ මට කපන අයට – නිරූපිකාවන්ට ත්‍රිකලාගෙන් සැර පිළිතුරක්
නිරූපන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ නිරූපන ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ, කොහොම වුනත් ත්‍රිකලා ලංකාවේ හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වෙන්නේ ඇයගේ රෝස පාට රේන්ජ් රෝවර් රථය නිසා, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන තරිකලා ධරණී සමග,
ඉතින් ත්රිකලා ඔයා කියන්නේ මේ වනවිට ගොඩක් සාර්ථක චරිතයක් නේ ඉතින් කියන්නකෝ ඔයාගේ ජීවිතේ බිංදුවටම වැටුන අවස්ථා එහෙම නැද්ද..?
”එහෙම අවස්ථා තියෙනවා මම ගොඩක් ආසාවෙන් හිටියේ වෛද්‍ය විද්‍යාලයට යන්න, ඉතින් ඒක බැරි උනාම මම මානසිකව වැටෙන්න පුළුවන් පහලම තැනට වැටුනා, එදා තමයි මම ජීවිතේ වැටුන පලවෙනි සහ අන්තිම දවස, ඒක තමයි මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක, ඒ වැටුන එක මම ආශිර්වාදයක් කරගත්තා”
ජාත්‍යන්තරය එක්ක බැලුවට පස්සේ ලංකාවේ ඇතුලේ තියෙන නිරූපන අංශය ගැන තියෙන තියෙන්නේ හොඳ කතාබහක් නෙවෙයි නේද..?
ජාත්‍යන්තර නිරූපන ක්ෂේත්‍රයයි අපේ නිරූපන ක්ෂේත්‍රයයි කියන්නේ හරියට අහසයි පොලවයි වගේ, ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරලා මට ලංකාවේ මොඩ්ලින් නම් තේරුම් ගන්නම බෑ, අපේ රටේ මිනිස්සු වගේම මේ ක්‍ෂේත්‍රයේ අයත් නිරූපනය සහ රංගන ක්‍ෂේත්‍රයට පටවාගෙන තියෙන්නේ, හැබැයි මේ ක්‍ෂේත්‍ර දෙක ජාත්යන්තයේ නම් අඳුරගන්න පුළුවන්, මොකද ඒ රටවල් වල නිරුපන ශිල්පියන් කරන්නේ නිරූපනය විතරයි, අපේ එහෙම නෑ”
නිරූපන ශිල්පිනියක් විදියට ඉන්න ඔයා එක පාරම ගායිකාවක් විදියට එලියට එනවා නේද..?
ඒක ඉතින් මගේ ආසාවට කරපු වැඩක්, මීට කාලෙකට කලින් ‘පාට ගෑ හීනය’ කියලා ගීතයක් කළා ඒක තමයි මගේ පලවෙනි ගීතය, ඒ ගීතයේ තියෙන්නේ මගේ ජීවිත කතාව, මම කට්ට කාලා මගේ හීන හැබෑ කරගත්ත විදිය තමයි ඒ ගීතයේ තියෙන්නේ, එකේ තියෙන්නේ මල්ගස් වටේ දුවන ඒවා නෙවෙයි, නර්තන කණ්ඩායම ආවේ ජර්මනියෙන්. හෙලිකොප්ටර්, බෝට්ටු පවා ඒකට භාවිත කළා. ඒකට මට ලොකු ගානක් ගියා,
කොහොම වුනත් පසුගිය කාලයේ ත්‍රිකලාට චූලා පන්ද්‍ර, ඕෂධී හිමාෂා, අමන්දා සිල්වා ඇතුළු නිරූපිකාවන් රැසක් ත්රිකලාගේ නම සඳහන් කරන්නේ නැතුව නිරුපණයට හානි කරන්න එපා කියලා ත්‍රිකලාට දැනෙන්න ඔවුනේ සමාජ ජාලාවල සටහන් තියලා තිබ්බා, ඉතින් ඒ කතා වලට ත්‍රිකලා අපූරු පිළිතුරක් දීලා තිබ්බා ඒ තමයි ”දන්නවද මම ගොඩාක්ම ආදරේ මට කපන අයට, මොකද අද මම යම්කිසි තැනක ඉන්නව නම් ලංකාවටම දැනෙන්න දෙයක් කරලා තියනව නම්, ඒ මට හැමදාම හොද කියන අය නිසා නෙවෙයි. මාව කපන්න හදන අය මට දුන්න මෝටිවේශන් එක නිසා මොකද එයාලගෙන් ඇරෙන්න ඒ දේ මට ලෝකේ වෙන කිසිම තැනකින් සල්ලිවලටවත් ගන්න බැරි නිසා, කාගෙවත් කැපිලිවලට ඊර්ෂ්‍යාවට ලක් වුනේ නැති කෙනෙක් ඉන්නව නම් ඔහු/ ඇය තමන් ඉන්න ක්ෂේත්‍රයේ දුර්වලයෙක්, හැබැයි කතුරට අමතක වුණ දෙයක් තියනවා. එ කපන්න කපන්න මොට වෙන්නේ කතුර බව… ~Thrikala Dharani N” කියලා ඉතින් ත්‍රිකලාගේ මේ කතාව ගැන ඔයාලට හිතෙන්නේ මොකද්ද..?