එදා ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ අන්ධ චරිතයකට රංගනය කල ඒ ළමා නිළිය තමයි අංජලී මෙත්සරා කියන්නේ. ඇය මේ වන විට ගායනයටත් නිවේදනයටත් වගේම රංගනයටත් දක්ෂ චරිතයක්. ඉතින් අංජලී දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 තරගාවලියේ අවසන් තුන් දෙනා අතරට තේරි පත් වුණා.

ඉතින් ඇය මුලින්ම දෙරණ ලිට්ල් ස්ටාර් 2011 වසරේ වයස අවුරුදු 8 න් පහළ ගායන අංශයේ දක්ෂතම තරුව බවට පත් වෙන්න ඇයට අවස්ථාව ලැබුණා. ඉතින් 2015 අවුරුද්දේ ඇය අන්ධ චරිතයකට රංගනය කල හෝ ගානා පොකුණ චිත්‍රපටය විකාශය වුණා.

ඉතින් සැලෙනා නුවන් ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කරනවා වගේම ෆැලන් ඇන්ඩ්‍රියා සමගින්ද ගීත ගායනා කල අංජලීට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන අංජලී මේ විදියටයි එක්තරා පුවත්පත් සාකච්ඡාවකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” ටීවී එකේ මම ලොකුවට පෙනුනට මම හරි චූටියි. ගොඩක් අයට මාව අදුනගන්න බැරි වෙනවා. දෙතුන් පාරක් දැක්කම තමයි හැමෝම අහන්නේ ආහ් මේ අංජලී නේද කියලා. ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙනවා. ඒ ආදරෙ මට ගොඩක් වටිනවා.’’

මේ විදියටයි අංජලී මෙත්සරා අදහස් දක්වලා තිබුනේ

පැරණි පුවත් – අම්මෝ මම නම් විවාහයක් ගැන හිතන්නෙවත් නෑ,එකපාරක් වැටුන වලේ මට ආයේ වැටෙන්න ඕන නෑ-හසිනි සැමුවෙල්

ලංකාවේ ඉන්න නිරූපන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න නිරූපන ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියන්නේ, නිරූපන ශිල්පිනියක් විදියට වගේම රංගන ශිල්පිනියක විදියටත් ඇය මියුසික් වීඩියෝ කිහිපයකටම සිය රංගන දායකත්වය ලබාදීලා තිබ්බා ඒ වගේම ඇය සමාජ ජාලා හරහාත් ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දැන් පේන්න නැති හැබැයි තාමත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හසිනි සැමුවෙල් සමගයි,

හසිනි දැන් වැඩිය පේන්න නෑ, මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල දරුවගේ වැඩ එක්ක ටිකක් කාර්යබහුලයි, කොහොම වුනත් මම කලාව එක්ක සම්බන්ද වෙලා වැඩ කිහිපයක්ම කළා, ඒ වගේම මම තව වැඩ කිහිපයක්ම බාර අරගෙන තියෙනවා, මම කොහොමත් දැන් වැඩ බාරගන්නේ ගොඩක් හිතලා බලලා මොකද මම දැන් අම්මා කෙනෙක් ඉතින් මට බෑ මගේ පවුලට හානියක් වේවි කියලා හිතෙන වැඩ කරන්න, ඉතින් බොහොම සැලකිල්ලෙන් තමයි මම වැඩ බාරගන්නේ”

හසිනි විවාහයෙන් අයින් වෙනවා කොහොමද ඒක දැනුනේ ”මම විවාහයෙන් අයින් වෙද්දී මගේ පුතාට අවුරුද්දක්වත් නෑ, ඇත්තම කියනවනම් මම දැන් ගෙවන ජීවිතේ ලොකු අභියෝගයක්, මට මගේ ජීවිතේ ගන්න අමාරුම තීරණය ගත්තේ මගේ දරුවට හොඳ අනාගතයක් හදන්න ඕන නිසා, ලෝකේ කිසිම ගැහැනියක් විවාහයෙන් වෙන් වෙන්න කැමති නෑ, හැම කාන්තාවම කැමති දරුවා සහ සැමියා එක්ක සතුටින් ඉන්න මම හීන දැක්කෙත් එහෙමයි, හැබැයි දැන් මම මගේ පුතා එක්ක සතුටින් ඉන්නවා තාත්තා නැති අඩුව මම එයාට දැනෙන්න දෙන්නේ නැ”

හසිනි කියන්නේ තාමත් ගොඩක් සුන්දර තරුණියක් ඉතින් දැන් ආයේ විවාහයක් ගැන හිතුවොත් මොකද ”අම්මෝ මම නම් විවාහයක් ගැන හිතන්නෙවත් නෑ, දැන් මම විවාහය කියන බැඳීමට ගොඩක් බයයි, එකපාරක් වැටුන වලේ මට ආයේ වැටෙන්න ඕන නෑ, දැන් මගේ එකම බලාපොරොත්තුව මගේ පුතා යහපත් පුරවැසියෙක් කරන එක, මගේ ජීවිතේ වටිනාම දේ එයා,”

හසිනිගේ නිරූපණ ගමනේ ආරම්භය ගැන කතා කළොත්

මම මුලින්ම රඟපෑවේ බැංකුවක් සඳහා කළ වෙලද දැන්වීමක.ඉන්පසු නිරුපණ පැත්තට එන්න කැමැත්තක් ඇතිවුනා.2017 මිස් ටුවරිසම් පැජෙන්ට් එකේ second runner up වුනා.ජයග්‍රහණය කලේ නැහැ කියලා මම අතහැරියේ නෑ.ජාත්‍යන්තර නිරූපණ තරඟයකට යන්න ඕනෑ කිහන අරමුණේම හිටියා. ඊට පස්සේ මම මිස් එෂ්යා පැසිපික් තරගයට අයදුම් කලා.එතැනදි මම ජයහ්‍රහය කලා.ඊට පස්සෙ පිලිපිනයේ මැනීලාවල්දී මිස් ඒශියා පැසිප්ස් ඉන්ටර්නැෂනල් තරගය ලංකාව වෙනුවෙන් ම්නි ටයිටප් එකක් දිනාගන්න.ඒ තරගයෙන් පස්සෙ ලංකාවට ආවාම මට නිරුපණය සහ වෙලඳ දැන්වීම් පැත්තෙන් හුගක් ආරාධනා ලැබුණා.

මෑතකශී සම්බන්ධ වුණ අලුත් වැඩකටයුතු තියෙනවද?

නිරූපණ කටයුතු,මියුසික් විඩියෝ නිරුපණ,වෙළද දැන්වීම් කරනවා.රඟපෑමවත් අවස්ථා නම් ලැබිලා තියෙනවා.නිරුපණය සහ රංගනය කියන්නෙ දැවැන්ත විෂයක් දෙකක්.නිරුපණය සහ රංගනය කියන්නෙ දැවැන්ත විෂයන් දෙකක්.නිරූපිකාවක් වුණු පළියට හැමෝටම රඟපාන්න බෑ.මට රංගනයට අවස්ථා තවම උරගා බලලා නැහැ.හොද නිර්මාණයක් ලැනුනොත් සලකලා බලනවා.මගේ ලොකුම අරමුණ මිසිස් පැජන්ට් එකක් නියෝජනය කිරිමයි.

මේ ක්ෂේත්‍රයට එනවාට ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?

අම්මයි තාත්තයි පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ.මගේ තාත්තා කැමති වුනේ මම ගණිත අංශයෙන් ඉගෙනගෙන ඉංජිනේරු අංශයෙව් රුකියාවක් කරනාවට.මම මේ ක්ෂෙත්‍රයට ඇවිත් පියාඹන්න කලින් අම්මලා තාත්‍තලා මගේ තටු කැපුවා.මට හරු දුකයි.එවා මතක් වෙද්දී මගෙ දෙමව්පියන්ගෙ ඔලුවේ තිබුනේ නිරුපණය කියන්නෙ හරි වැරදි දෙයක් විදියය.මම ක්ෂ්ත්‍රයට ආපු දවසේ ඉදලා මාව පිඩනය පත් කලා ගෙදරින්. ඒ විදියට මට නොකලා නම් නරක යාළුවෝ මට හම්බ නොවෙන්න තිබුනා.මම කියන්නෙ කිසිම දරුවෙක්‍ය එහෙම කරන්න එපා.දක්ෂතාව තියෙන පැත්තට යන්න පාර හදලා දෙන්න.

මෙන්න බලන්න තවත් පුවත්