කලා ලෝකය තුළ ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදියට හඳුන්වන්න පුලුවන් සුන්දර චරිතයක් තමයි ආනන්ද අතුකෝරල කියන්නේ.හරිම නිහතමානී කලාව තුළ කාගෙවත් කටකතාවකට මාතෘකාවක් වෙච්ච නැති කලාකරුවෙක් විදිහටත් අපිට ඔහුව හඳුන්වන්න පුළුවන්.

ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විදියටත් තවත් අවස්ථාවකදී සිනමාවේ දක්ෂ කලාකරුවෙක් විදිහටත් ඔහු කලාව තුළ විවිධ දේවල නිරත වෙලා ඉන්නවා.ඒ වගේම තමයි මේ සුන්දර කලා කරුවාට ආදරණීය සුරූපි දියණියක් ඉන්නවා.ඇය නමින් ඉෂාරා අතුකෝරල.

මේ තාත්තයි දුවයි මේ වෙද්දි ගොඩක් දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය ක විකාශය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ විල්සන් සහ සචිනි කියන චරිතය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා.ආනන්ද අතුකෝරල මහත්මයාගේ දියණිය නම් කියන්නේ ඇය තාම රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වන්න බැහැ කියලයි.මොකද ඇය තාම අතලොස්සක ප්‍රමාණයක් තමයි චරිත කරලා තියෙන්නෙ.

ඔවුන්ගේ කලා ජීවිතය ඒ විදිහට ගත කරද්දි හදිස්සියෙන්ම මේ දෙදෙනා පිළිබඳවම කතාබහ කරන්න පටන් ගත්තේ ඔවුන් දෙදෙනා අලුතෙන් ආරම්භ කරපු මේ අලුත් ව්‍යාපාරය නිසයි.ඇත්තටම ප්‍රසිද්ධ පුද්ගලයෙක් පාරක් අයිනේ බර්ගර් විකුණන පුංචි කඩයක් දාගත්තා කිව්වහම ගොඩක් දෙනෙක් හිතන්නේ ඒක ඔවුන්ගේ තත්වෙට හරි මදි කියලයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අහපුවාම ආනන්ද අතුකෝරල මහත්මයාගේ ආදරණීය දියණිය කිව්වේ මේ වගේ කතාවක්.

“අපිට මහලොකුවට restaurant දාන්න පුළුවන් කමක් නැහැ.ආයෙ මේක ස්ට්‍රීට් ෆුඩ් කියන සංකල්පයෙන් පටන් ගන්න ඕනි කියලා තමයි පටන් ගත්තේ. මම ගෑනු ළමයෙක් ඒ වගේම මම තාම නිළියක් නෙවෙයි.මම නිළියක් කියලා කියන්න කැමති නැබර්ග හදනවාත් මෙතෙන්ට ඇවිල්ලා බගර් හදනවා හැබැයි මට ඒක ලැජ්ජාවක් නෙවෙයි.”

ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇය අදහස් දැක්වූයේ ඒ වගේම තමයි ඉෂාර ගේ ආදරණිය අම්මට රහට කෑම හදන්න පුළුවන්.ඒ නිසාම ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනි කියලා හිතලා තමයි ඇය සහ තාත්ත තීරණය කරන්නේ මෙවැනි ව්‍යාපාරයකට අත ගහන්න. ඉතින් ලැජ්ජාව ලොකුකම කියන දේ පසෙක දමා ජීවිතය ජයගන්න ඇය විසින් කරන මේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේමු

පැරණි පුවත් – කීදෙනෙක් එක්ක විවහා වෙයිද කිදෙනෙක්ගෙන් ඩිවෝස් වෙයිද කියලා මන් වත් දන්නේ නෑ

හර්ෂි රසාංගා අවුරුදු ගාණක ඉඳන් හුරු පුරුදු රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට හුරු පුරුදු චරිතයක් වෙන්නේ ළමා රංගන භූමිකාවෙන්. සුජාතා ටෙලි නිර්මාණයෙන් හැමෝගෙම ආදරය දිනාගත්ත හර්ෂි දැන් පුංචි තිරයේ පෙම්වතියක් දක්වා දුර ඇවිත්.මම පුංචිම කාලේ මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. හය වසරෙදි තමයි මට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ රවින්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ සුජාතා ටෙලි නාට්‍යය. පළමු ටෙලි නාට්‍යයෙන්ම මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. බොහෝ අයට ජනප්‍රිය වෙන්න කාලයක් ගියාට මට වාසනාවකට වගේ බොහෝ දෙනාගේ ආදරය ලැබුණා පුංචි කාලෙදීම.

අදටත් සුජාතා නාට්‍යයේ හිටපු පුංචි රංගන ශිල්පිනිය විදිහට මාව හඳුනගන්න බොහෝ පිරිසක් ඉන්නවා. අවුරුදු දහයක් වගේ කාලයක් ඇතුළත මේ වගේ තැනකට එන්න ලැබීම ඇත්තටම සතුටක්.රංගන ශිල්පිනියක් වෙන්න මට එහෙම හීනයක් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. හැබැයි මාව හම්බෙන්නත් කලින් අම්මටනම් ඒ වගේ හීනයක් මං ගැන තිබිලා තියෙනවා. අම්මා කවදාවත් එයාගේ හීනය මගේ ඔළුවට දැම්මේ නැහැ. දෛවය නිසා වෙන්න ඇති මට රංගන ශිල්පිනියක් වෙන්න ලැබුණා. අහම්බෙන් තමයි මට ඒ අවස්ථාව ලැබුණෙත්.මම මේ දවස්වල හිරු නාලිකාවේ ලංවී කතාවේ සහ තාදි ටෙලි නාට්‍යයේ සමන්ති කියන චරිතවලින් තමයි ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙන්නේ.

ඒ නිර්මාණ දෙකට අමතරව චරිත් අබේසිංහ අයියා අධ්‍යක්ෂණය කරන නම්බර් 9 කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් එකතු වෙලා ඉන්නවා.ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයට අපි ගැන හොයනවා. ඒ උනාට මම මගේ පුද්ගලිකත්වයට ගොඩක් කැමතියි, සමහර අය කරන දේවල් නිසා මට රංගනයෙන් අයින් වෙන්නත් හිතෙනවා. හැබැයි දැන් මට දැනෙනවා අපි ආශ්‍රය කරන සමහර අයට එයාලා හිතපුවත් නැති දේවල් වෙලා තියෙනවා කියලා ඉතින් මට වෙච්ච දේවල් මොනවද කියලා හිතෙනවා. දැන් ඉතින් මම පොඩි පොඩි දේවල්වලට වැටෙන්නේ නැතිව කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කළත් මගේ ගමන යනවා.

ඉතින් ඒ වගේම ආදරේ ගැන කතා කරනකොට ඇය විස්වාස කරන දෙයක් තමයිලු තමන්ට ගැලපෙන කෙනෙක් කොහේ හරි තැනක ඉන්නවා කියන දේ. ඉතින් ජීවිතේට ගැලපෙනම කෙනා හම්බ වෙනකම් හරිම පරිස්සමෙන් අනිත් අයත් එක්ක ගනු දෙනු කරන්න ඕන කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම කෙනෙක්, කීදෙනෙක් එක්ක යාලුවෙනවද, එයා කීදෙනෙක් එක්ක විවාහ වෙනවද, ඩිවෝස් වෙනවද කියන දේ කවදාවත් අපිට වෙනස් කරන්න බැහැ කියලත් ඇය කියනවා. ඒවා ජීවිතේ ලියවිලා තියන විදිහටලු වෙන්නේ. ඉතින් වැරැද්ද ගැහැණු කෙනාගේ වුනත් පිරිමි කෙනාගේ වුනත් දෙගොල්ලොම මිනිස්සු කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ගොඩක් වෙලාවට හම්බ වෙන්න ලැබෙන්නේ නැති දෙන්නෙක් ෆෝන් එකෙන් ආදරේ කරන එක ගොඩක් සුන්දරයි කියලයි ඇය කියන්නේ. හැබැයි වෙලාවකට ඒක ලොකු දුකක්ලු. ඉතින් ඇය කියන්නේ සම්බන්ධතාවයක් ඇතුලේ ඇත්තටම ආදරේ කියන දේ තියනවානම් ඕනෑ එපාකම් කොච්චර තිබුනත් ඒ දේවල් ඉවසන්න පුළුවන් වෙන්න ඕන කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය කැමති නැහැලු අදරේදී ෆොටෝ වීඩියෝ ෂෙයාර් කර ගන්න. මොකද ඇය පොඩි කාලේ ඉදන්ම දැකලා තියනවාලු ගොඩක් ළමයින්ට වෙලා තියන දේවල්. ඉතින් ඒ වගේම ඇයගේ ජීවිතේ දැන් ඇයට තියන එකම බලාපොරොත්තුව සතුටින් ජීවිතේ කිසිම දුකක් නතුව ජීවත් වෙලා සතුටින් මැරිලා යන එක කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්