මීරිගම පස්යාල මාර්ගයේ ගමන්ගත් ඉන්ධන බවුසරයක රියදුරා හදිසියේ රෝගාතුරු වී මිය යාම නිසා ඔහුගේ පාලනයෙන් ගිලිහුණු බවුසරය අධිබලැති විදුලි රැහැනක ගැටී පොල් ගස් දෙකක් පෙරලාගෙන ගෙස් නතර වීම නිසා රිය සහායකයා තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම බවුසරය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට ඩීසල් රැගෙන කල්මුණේ දක්වා ධාවනය වීමෙන් තිබූ එකක් යැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඉන්ධන රැගත් තෙල් බවුසරය පදවාගෙන යන අතර වාරයේ රියදුරා එක්වරම රිය සහයක අසුනට ඇද වැටුණු බවත් ඔහු හෘද රෝගීයකු බවත් තොරතුරු අනාවණය වි ඇතැයි පොලීසිය සඳහන් කරයි.

රියදුරා රිය සහයක අසුනට ඇද වැටීමෙන් පසු අධිබල විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරුව පොල් ගස් දෙකක ද ගැටී නතර වූ බව ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා ඇතැයි කියති.

ඉන් මුදාගෙන වහාම වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.

වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා රියදුරා මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි දපොලිසිය සඳහන් කරයි.

පැරණි පුවත් – ලස්සන වෙන්න රටේම තියෙන ක්‍රීම් ගාන සමහර නළු නිළියන් අතරේ වෙනිවැල්ගැට වලින් නාවපු නිසා සුදු වූ ඩිලූෂි

ධරණි ටෙලි නාට්‍යය කියන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ ලස්සන කතාවක්. ඉතින් මේකෙ රංගනයෙන් දායක වෙන්නේ කලා ක්ෂේත්‍රයට නවක වූ නළු නිළියන් කීප දෙනෙක්. ඒ නිසාම බොහෝ දෙනෙක් හරිම ආසාවෙන් මේ ටෙලි නාට්‍යය නරඹනවා.

ඉතින් ඒ ටෙලි නාට්‍ය හරහා කවුරුත් ආදරය කරන ආදරණීය චරිතයකින් ආපු කෙනෙක් තමයි ඩිනුශි හන්සිකා කියන්නේ ඇයට ඩිනුලි කියනවට වඩා ධරණි ටෙලි නාට්‍යයේ විනුලි කිවුවහම තමයි බොහෝ දෙනෙක් ඇයව දන්නේ. ඉතින් මේ සුන්දර චරිතය මේ වෙද්දි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කෙනෙක්.

ඒ වගේම මේ ධරණි ටෙලිනාට්‍ය තුළ ඇය කරන චරිතය හරිම ආකර්ශණීය චරිතයක්. ඒ වගේම තමයි විවිධ ආකාරයේ අභියෝගාත්මක චරිතයක් කියලා කිව්වත් නිවැරදි. ඒකට මූලිකම හේතුව මේ නිර්මාණය තුළ සටන් කලාව පුරුදු පුහුණු වෙන්නත් ඇයට සිදුවුනා මූණ තුවාල වෙනකම් අතපය වේදනා දෙනකම් ම ඇය ඒ දේවල් පුරුදු වෙලා තියෙනවා.

කෙසේ නමුත් ඒ සේරම අභියෝගතා එක්ක ඩිනුෂිට හැකියාව ලැබුණා දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක් අතර කැපී පෙනෙන්න. ගොඩක් දෙනෙක් කියන්නේ ඩිනුෂි හරිම ලස්සන කෙනෙක් කියලා. ඒ වගේම තවත් සමහර දෙනා කියනවා හින්දි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ශිල්පා ෂෙට්ටි ගේ හැඩරුව ඇයට උපතින්ම පිහිටලා තියෙනවා කියලා.

ඉතින් මේ කරුණු කාරණා එක්ක ඩිනුෂි මේ විදිහට ලස්සනට පැහැපත්ව ඉන්න හරි අපූරු රහසක් තියෙනවා. ඇයව ආදරණීය අම්මත් එක්ක වැඩසටහනකට සහභාගි වුණාට පස්සේ මේ විදිහට ලස්සනට ඇය පැහැපත්ව ඉන්න රහස ගැන ඇගේ ආදරණීය අම්මා අදහස් ඉදිරිපත් කළා.

“දුව චූටි කාලෙ වෙනිවැල්ගැට තම්බලා අවුරුදු පහක විතර කාලයක් නෑව්වා.ආච්චි තමයි මෙයාව බලාගත්තේ ආච්චි තමයි කීවේ එහෙම කරන්න ඕනි කියලා.දැන් නම් එච්චර සුදු නැහැ ඒ කාලේ චූටි කාලේ සුදුයි. අම්මයි අක්කයි දෙන්නම එයාව බලා ගත්තා. ඒ කාලේ අපිට එච්චර තේරෙන්නෙත් නෑ අපි.චුටියි. මම මෙයාව ලොකු වෙනකම් බලා ගත්තා. චූටි කාලෙ නම් පොඩ්ඩක්වත් දඟ නැහැ.“

ලස්සන වෙන්න රටේම තියෙන ක්‍රීම් ගාන සමහර නළු නිළියන් අතරේ ඇය ස්වභාවිකවම ලස්සනක් පුංචිකාලේ ඉදන්ම උරුම කර ගත්තු කෙනෙක්. ඒ නිසාම තමයි ඒ අලංකාර රූප සම්පත්තිය ස්වභාවික ලස්සනක් විදිහට බොහෝ දෙනෙක්ට පෙනෙන්නේ. ඉතින් හරිම විවෘතව ජීවිතයේ බොහෝ අත්දැකීම් හුවමාරු කර ගන්න මේ සුන්දර තාරකාවියට කලා ලෝකයේ තවත් ඉදිරියටම ගමන් කරන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු

මෙන්න බලන්න තවත් පුවත්