බණ්ඩාරගම ගැලනිගම බටකැටියේ නිවසක් කොල්ලකෑ හය දෙනෙකුගෙන් යුත් කල්ලියක පස්දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි.

කොල්ල කන ලද ත්‍රිරෝද රථයකින් ගොස් සිදු කරන ලද මෙම කොල්ලකෑමට අදාළ  සැකකරුවන් අතර පෙදරේරුවකු සිටින බවත් ඔහු කොල්ලය සැලසුම් කළ පුද්ගලයා බවත් පොලිසිය කියයි.

සැකකරුවන් කොල්ල කන ලද රුපියල් ලක්ෂ 25කට ආසන්න රන් ආභරණ , විදුලි උපකරණ ඇතුළු අනෙකුත් භාණ්ඩ සැකකරුවකුගේ නිවසක් පිටුපස වළ දමා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇති අතර විදේශගතව මෑතදී පැමිණි නිවෙස් හිමියා සිය බිරිඳ හා දරුවා සමග කතරගම වන්දනාවේ ගොස් ඉකුත් 6 වැනි දින රාත්‍රියේ දී නිවසට පැමිණ මඳ වේලාවක් ගත වෙද්දී කොල්ලකරුවන් තියුණු ආයුධ රැගෙන නිවසට කඩා වැදී එම යුවළගේ අත් පා සහ කට ගැටගසා පැළඳ සිටි රන් ආභරණ විදේශ ගතව පැමිණීමේදී රැගෙන ආ විදුලි උපකරණ ආහාර වර්ග චොකලට් ආදී සියල්ලම ඔහු රැගෙන ආ ගමන් බෑග් වලට අසුරාගෙන පලාගොස් තිබිණි .

එක් කොල්ලකරුවකු නිවෙස් හිමියාට කඩුවක පිටපැත්තෙන් පහර දීමෙන් ඔහුගේ වම් අත ආබාධයකට ලක්වී ඇත.

කොල්ලකරුවන් එම නිවසේ පැය දෙකකට ආසන්න කාලයක් ගත කර තිබු බව පොලිසිය පවසයි.

 

මෙන්න බලන්න තවත් පුවත්