කලා ලෝකය තුළ අති දක්ෂ ගායිකාවක් විදිහට හඳුන්වන සුන්දර කටහඬකට උරුමකම් ගැන ඇය කොයි කවුරුත් ආදරය කරන ආදරණීය ගායන ශිල්පිනී රයිනි චාරුකා .ඇයට හරි ආදරණීය ලයාන්විත කටහඬක් උරුම වෙලා තියෙනවා ඒ වගේම තමයි රටක් ආදරය කරන ජනප්‍රිය කලා ශිල්පීන් දෙදෙනකුගේ ආදරණීය දියණියක් විදිහටත් ඇය ප්‍රේක්ෂකයන් අතරට ආවා. ඇය සමාජ මාධ්‍ය තුලද කැපී පෙනෙන චරිතයක් බවට පත් වී හමාරයි.

කොහොම නමුත් අම්මගේ තාත්තගේ නම පාවිච්චි කරන්නේ නැතුව තමන්ගෙම කියල ගමන් මගක් හදාගත්තු ඇය පහුගිය කාලය අලුත් ගීත නිර්මාණයක් සිදු කළා.ඒ කළුවරට හිත බය හින්දා කියන ගීතය.ඒ වගේම තමයි ඇයගේ වෘත්තිමය ජීවිතේ ඒ විදිහට වෙනස්කම් සිද්ධ වෙද්දී පෞද්ගලික ජීවිතය තුළත් යම්කිසි අභියෝගාත්මක තත්ත්වලට ඇයට මුහුණ දෙන්න සිද්ධ වුණා.

ඒ තමයි කලක් තිස්සේ ඇය කොයි කාගෙනුත් සඟවාගෙන සිටපු ඇයගේ විවාහ ජීවිතය දෙදරා යාම.රයිනි අද වනවිට ඒ සම්බන්ධයෙන් විවෘතව අදහස් දක්වලා තියෙනවා.ඉතින් මේ සිදුවීම නිසා ද මන් දන්නෑ රයිනිගේ බාහිර ස්වරූපයත් වෙනස් වෙලා කියලා ගොඩක් අය කියනවා.ඒ නිසාම අපි හිතුවා ඇය මේ විදිහට ඉක්මනින්ම වෙනස් වෙච්ච හේතුව පිළිබඳව ඔබත් එක්ක අදහස් බෙදාහදා ගන්න.

“ඇත්තටම මම ආර්ටිස් කෙනෙක් නිසාවෙන් මගේ බාහිර පෙනුම රැක ගන්න ඕනි කියලා මට ඒ දවස් වල හිතුණේ නැහැ.ශරීරයෙන් වගේම මානසිකවත් මම වෙනස් වෙලා හිටියෙ.ඒ වෙනස දැක්කට පස්සේ මාව වෙනස් කරගන්න ඕනි කියලා නැවත වතාවක් හිතුනා. එදා රෑ ඉඳලම මම ඒ වෙනුවෙන් කැප වෙන්න තීරණය කළා.මම කෑම කෑම ප්‍රමාණය අඩු කළා.ඇත්තටම මම දවසට විස්සකට ආසන්න ප්‍රමාණයක් කෑම කෑවේ නැතුව හිටියා.මම වැඩි කාලයක් බඩගින්නේ ඉඳලා තියෙනවා.ඒ නිසා මට ඒක එච්චර අමාරු උනේ නැහැ.කොහොම වුණත් ජිම් එකට ගිහිල්ලා ව්‍යායාමත් කළා.කෙටියෙන් කිව්වොත් මේ තමයි කෙට්ටු වීමේ රහස. සතුටින් ජීවත් ජීවත්වෙන්න මම මාව වෙනස් කරගත්තා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඈව වෙනස් කරගන්න උත්සාහ දරලා තියෙන්නේ.අද වන විට එ උත්සහය සාර්ථක වෙලා රයිනිට අලුත් ලස්සන පෙනුමක් ඇවිල්ලා. ඉතින් ඇයගේ ඉදිරි ජීවිතයත් සාර්ථක වේවා කියා අපේ අපේ හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නේමු.

පැරණි පුවත් – මගේ සැමියා ඉන්නේ මුහුදේ, එයා කියලා තියෙන්නේ මට ඕන දෙයක් කරගන්න කියලා – චමත්කා ලක්මිණී

ලංකාවේ තිරගතවුන සිනමාපට අතරින් වඩාත්ම ජනප්‍රිය වුන සිනමාපටයක් තමයි සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්‍ෂණය කළ ‘හුස්ම’ සිනමාපටය, ඉතින් ‘හුස්ම’ කියන සිනමාපටය ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි චමත්කා ලක්මිණී කියන්නේ ඉතින් අද අපේ කතාබහ හැමෝගෙම ආදරේ කරන චමත්කා ලක්මිණී සමග, ඉතින් චමත්කා කොහොමද, කාලයක් නිහඬව ඉන්නවා නේද..? ”මෙහෙමයි මම බබා ලැබුනට පස්සේ කාලයක් රංගනයෙන් ඈත්වෙලා හිටියා, ඒ වගේම මම ෆිල්ම් ටිකක් කළා, මම කොහොමත් වැඩක් බාරගත්තම ඒ වැඩේ සියයට සියයක්ම ඒ වැඩේ ඉවරකරලා තමයි තවත් වැඩක් ගැන හිතන්නේ”

සැමියා සමග සහ පුතා සමග ගෙවන ජීවිතේ කොහොමද ”සැමියානම් ලංකාවේ නෑ, එයා සීමන් කෙනෙක් නිසා එයාගේ ජීවිතේ ඉතින් මුහුදේම තමයි, හැබැයි මම හිතනවා මම කරන වැඩ එක්ක මගේ පවුල මේ වනවිට යම්කිසි තැනක තියෙනවා, මට මගේ පවුලෙන් උපරිම නිදහස තියෙනවා, ඉතින් අනිත් කළා ශිල්පිනියන් එක්ක බලද්දී මට ඕනෑම රංගන පරාසයක රංගන දායකත්වය ලබාදෙන්න පුළුවන් සැමියත් කියලා තියෙන්නේ මට ඕන දෙයක් කරගන්න කියලා, එයත් මට මගේ ගමන යන්න ගොඩක් උදවු කරනවා, ට ඕනෑ වයසකදී මට ඕනෑ චරිතයක් රඟපාන්න සැමියා මට නිදහස දීලා තියෙනවා”

චමත්කා කියන්නේ ඇත්තටම මොනවගේ චරිතයක්ද ”මෙහෙමයි මට ටිකක් කේන්ති යනවා, හැබැයි ඒ කේන්තිය තියෙන්නේ බොහොම පොඩි වෙලාවක් විතරයි, එක මාව ආශ්‍රය කරන යාළුවො හැමෝම දන්නවා, මට වැඩියෙන්ම කේන්ති යන්නේ බොරු කරනවා දකිද්දී, එහෙම නැතුව මම නිතරම කේන්තියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි, මම හැමෝම එක්ක හිනාවෙලා ඉන්න චරිතයක් හැබැයි බොරු කරනවා දකිද්දී මම කාලි අම්මා වගේ තමා”

සැමියා ඉන්නේ මුහුදේ චමත්කා ඉන්නේ ගොඩබිමේ, ඉතින් එහෙම දෙපලක ගෙවෙන ජීවිතේ කොයි වගේද..? ”අපි දෙන්නා අතර තියෙන විශ්වාසය තියෙන්නේ නූලක් වගේ හිඩැසකින්, මමත් මගේ සැමියත් බැඳීම් වලට බය අය නෙවෙයි, ඒ වගේම තමයි මම මහා ලොකු බැඳීම් තියාගෙන ඉන්න කැමති කෙනෙකුත් නෙවෙයි, මම මගේ දරුවන් එක්කවත් අනිත් අම්මලා වගේ ලොකු බැඳීමක් තියාගෙන නෑ, මම කරන වැඩ එක්ක එහෙම බැඳීම් තියාගෙන බෑ”

මෙන්න බලන්න තවත් පුවත්