කේරලයේ සංක්‍රාන්ති යුවළක් ගැබ්ගත් පුවතක් සහ ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ සැරිසරන ඔබත් දකින්න ඇති.

දරුවෙකු ලැබීම වෙනුවෙන් සිය හෝමෝන ප්‍රතිකාර පවා නවතා දැමූ ඉන්දීය සංක්‍රාන්ති  යුවලක් විසින් සිදු කරන ලද ගර්භණී ඡායාරූප රූගත කිරීමක් එලෙස සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා.

දකුණු දිග කේරල ප්‍රාන්තයේ වෙසෙන 21 හැවිරිදි Ziya Paval සහ 23 හැවිරිදි Zahad මේ කතාවේ කතා නායකයින් වේ.

තමාට දෙමාපියෙකු වීමට අවශ්‍ය බව පවසන පවල් උපතේදී පිරිමියෙකු වුවත් දැන් ඇය ගැහැණියක ලෙස ජීවත්වෙයි.

එක් නමක් පමණක් භාවිතා කරන Zahad උපතේදී ගැහැණියක් වුවත් දැන් ඔහු පිරිමියෙකු ලෙස ජීවත් වෙයි.

ඔහු මෙලෙස ගැබ්ගෙන සිටි අතර ඉක්මනින්ම තම දරුවා පිළිගැනීමට මෙම යුවළ පසුවූයේ නොඉවසිල්ලෙන්.

මෙම යුවළට ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටුවල සුබ පැතුම් රැසක් ගලා ආවේ ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ගරු කරමින්.

Paval සහ Zahad පවසන්නේ “අප දන්නා පරිදි සංක්‍රාන්ති ප්‍රජාව තුළ වෙනත් කිසිවකු තමන් ජීව විද්‍යාත්මක දෙමාපියෙකු ලෙස හඳුන්වා නැති නිසා” ඔවුන්ගේ අත්දැකීම් ඉන්දියාවේ දුර්ලභ පුවතක් විය හැකි බවයි.

ඉන්දියාවේ සංක්‍රාන්ති මිලියන දෙකක් පමණ සිටින බවට ගණන් බලා ඇතත්, ක්‍රියාකාරීන් පවසන්නේ එම සංඛ්‍යාව වැඩි බවයි. 2014 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඔවුන්ට අනෙක් මිනිසුන්ට සමාන අයිතිවාසිකම් ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් තවමත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවයට ප්‍රවේශවීමට අරගල කරන අතර බොහෝ විට අගතියට හා අපකීර්තියට මුහුණ දෙමින් පවතිනවා.

මීට වසර තුනකට පෙර පාවල් සහ සහාඩ් දෙදෙනාම ඔවුන්ගේ පවුල්වලින් විරසකව වෙසෙන බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

“මම සම්භාව්‍ය නැටුම් ඉගෙනීමට මට කිසිදා ඉඩ නොදුන් ගතානුගතික මුස්ලිම් පවුලක කෙනෙක්” යැයි පවල් පවසයි.

උත්සවයකට සහභාගී වීම සඳහා නිවසින් පිටව ගිය ඇය කිසි දිනෙක ආපසු නිවසට නොගිය බව පවසනවා.

පසුව ඇය සංක්‍රාන්ති # ප්‍රජා මධ්‍යස්ථානයකින් නර්තනය ඉගෙන ගත් බවත් ඇය දැන් සිසුන්ට නර්තනය උගන්වන බවයි වාර්තා වන්නේ.

ගණකාධිකාරීවරයෙකු ලෙස පුහුණුව ලබා ඇති සහඩ් තිරුවානන්තපුරම් නගරයේ ධීවර ප්‍රජාවට අයත් ක්‍රිස්තියානි පවුලක අයෙක්. ඔහු දැනට සුපිරි වෙළඳසැලක සේවය කරන බවයි පැවසෙන්නේ.

ඔහු තම පවුල හැර ගොස් ඇත්තේ සංක්‍රාන්ති # ලෙස ඔවුන් වෙත පැමිණීමෙන් පසුවයි. නමුත් ඔහු ගැබ්ගත් පසු ඔහුගේ පවුලේ අය මෙම යුවළ පිළිගෙන සහයෝගය දක්වා ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

“ඔවුන් ගර්භණී සමයේදී සහඩ්ට උදව් කරනවා,” පවල් පවසනවා.

ගැබ් ගැනීම ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස මුලින් යුවළගෙන් ඉල්ලා සිට ඇත්තේ සහඩ්ගේ මව වන අතර ඇය අවසර ලබා දීමෙන් පසු ඔවුන් එය ඔවුන්ගේ Instagram පිටුවේ පළකර තිබුණා.

පවල් පවසන්නේ ඇගේ පවුලේ අය තවමත් නොපැමිණි බවයි.

සහාඩ්ගේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂය ඉවත්කර නොතිබූ බැවින් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම යුවළ හෝමෝන ප්‍රතිකාරය නතර කර තිබුණා.

ගර්භණීභාවය අවසන් වූ පසු, ඔවුන්ට # හෝමෝන චිකිත්සාව නැවත ආරම්භ කළ හැකිය බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

“බබා ඉපදිලා මාස දෙකකට විතර පස්සේ සහඩ් ආපහු වැඩට යයි. ඊට පස්සේ මම බබාව බලාගන්නවා.” යන්නෙන් පවල් පවසා තිබෙනවා.

මෙම යුවළ පවසන්නේ සංක්‍රාන්ති # ප්‍රජාව තම ගැබ් ගැනීම පිළිබඳ පුවත “ඉතා සාදරයෙන්” පිළිගත් බවයි.

“ඇත්ත වශයෙන්ම, සංක්‍රාන්ති # ප්‍රජාව තුළ මෙන්ම පිටත ද ඒකාකෘති විශ්වාස කරන අය සිටිති. ඔවුන් සිතන්නේ සංක්‍රාන්ති මිනිසෙකුට දරුවෙකු රැගෙන යා නොහැකි බවයි,” පවල් පවසයි.

නවතම ආරංචිවලට අනුව මෙම යුවළගේ බලාපොරොත්තු ඉටුකරමින් අලුත් අමුත්තා පැමිණ ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. සහාඩ් සහ දරුවා හොඳින් සිටින නමුත් දරුවාගේ ලිංගභේදය තවමත් හෙළිකර නෑ.

සහාඩ් ගර්භණී වීමට පෙර පියයුරු ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වී සිට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

සිසේරියන් සැත්කමකින් ඔවුන්ගේ දරුවා උපත ලබා ඇති අතර මෙම සතුටුදායක පුවත ඔවුන් සිය සමාජ මාධ්‍යය ගිණුම් ඔස්සේ බෙදාගෙන තිබුණා.

පැරණි පුවත් – ලස්සන වුණාට කිසිම හැදියාවක් නෑ කියලා මගේ මූණටම ඇවිත් බනිනවා – නෙත්මි රොෂෙල්

2019 අවුරුදු කුමරිය තරගාවලියකින් ජයග්‍රහණය කරල කලා ක්ශේෂ්ත්‍රයට පා තැබූ නෙත්මි රොෂෙල් රොජර්ස් අද වන විට රටක් ලෝකයක් දන්නා රංගන ශිල්පිනියක් වෙලා. ඉතින් අවුරුදු කුමරිය වීමත් එක්ක නෙත්මිට දෙරණ නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘ දෙවෙනි ඉනිම ‘ ටෙලිනාට්‍යයේ ආක්ෂා චරිතයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා.

ඉතින් තරුණයන්ගේ සිහින කුමරිය වන නෙත්මි ආක්ෂා විදියට රසික ආදරය නොඅඩුව ලබනවා. මුල් කාලයේදී ඇගේ චරිතයට ගොඩක් දෙනෙක් ආදරය නොකලත් දැන්නම් ඇය වටා ලොකු රසික පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ විදියට දක්ෂ රංගන ශිල්පිනියක් වුණු නෙත්මි රොෂෙල් අද වන විට නිවේදිකාවක් බවටත් අපි පුංචි තිරය තුලින් දකිනවා. දෙරණ නාලිකාවේ විකාශය වන රියැලිටි තරගාවලියක් සචිනි නිපුන්සලා සමගින් නිවේදනය කිරීමයි.

ඉතින් රංගන ශිල්පිනියක් විතරක්ම නෙමෙයි ඇය දැන් නිවේදිකාවක්. ඉතින් පුංචි තිරයේ සුරූපිනියක් වන නෙත්මි හරිම දගකාර හුරතල් විදියට තමයි අපි දකින්නේ. ඉතින් ඇය පසුගිය දිනක සහභාගි වුණු යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී ඇය පිලිබදව අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” ගැහැණු ළමයෙක් වුණහම ඕනම ක්ශේෂ්ත්‍රයක හැදියාවක් තියෙන්න ඕන. අංක එක ඒක තමයි. මේ වෙනකොට අපි ගැන කට්ටිය හොයනව වැඩියි. ඒ නිසා අපි ලිමිට් එකක් ඇතුව අපිව පාලනය කරගන්න පුලුවන් විදියට ජීවත් විය යුතුයි. මේ ක්ශේෂ්ත්‍රය ගැන නරක නමක් හැදිල තියෙන්නේ මේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න සුළු පිරිසක් නිසාමයි.

අපිට හොද ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාර ලැබෙනවා. මට ගොඩක් දුක හිතෙනවා එහෙම කරද්දි. අපේ ආච්චිට ඇහිල තියෙනවා කට්ටියක් කතා වෙනවා. අලුත් කෙනෙක් ආවා දෙවෙනි ඉනිමට. ලස්සන තිබ්බට මෙලව වැඩක් නෑ කිසි හැදියාවක් නෑ රණ්ඩු කෙක්කක් කියලා. ඊට පස්සෙ ආච්චි ඒ ගොල්ලොත් එක්ක කෑ ගහගෙන. මට ඔය විදියට කට්ටිය ළගට ඇවිත් බැනල තියෙනවා.”

ඉතින් ඔය විදියට තමයි නෙත්මි රොෂෙල් ඇයට සිදු වුණු අත්දැකීම් සදහන් කරල තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්