හලාවත මුහුදු තීරයේ රළ පහරට හසුවූ තරුණයෙකු සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අද දහවල් ඔහු වෙරළේ රළ පාගමින් සිටියදී මෙලෙස රළ පහරකට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

පසුගිය ඉරිදා දිනයේ ද හලාවත මුහුදේ දිය නෑමට ගොස් ළමුන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

හලාවත මුහුදු තීරයේ රළ පහරට හසුවූ තරුණයෙකු සොයා ප්‍රදේශවාසීන් සහ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අද දහවල් ඔහු වෙරළේ රළ පාගමින් සිටියදී මෙලෙස රළ පහරකට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

පසුගිය ඉරිදා දිනයේ ද හලාවත මුහුදේ දිය නෑමට ගොස් ළමුන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පැරණි පුවත් – පෙර ආත්මේ කරපු පින් නිසා තමයි මම මේ ආත්මෙ ලස්සන වෙලා ඉපදුනේ ලස්සන වීමේ රහස කියන කුසුම් රේණු

වේදිකාවත් සිනමාවත් රූපවාහිනියත් එක්ක සේ ජයගත්ත දක්ෂ කලාකාරිනියක් තමයි කුසුම් රේණු කියන්නේ. ඇය සතු අද්විතීය රංගන කුසලතාවය නිසා එදා වගේම අදටත් බොහෝ දෙනෙක් ඇයට ආදරය කරනවා. ආදරණීය දියණියක් ඒ වගේම බිරිඳක් සහ මවක් ලෙසින් ජීවන ගමනේ විවිධ කඩඉම් පසු කරමින් ජීවිතය ගතකරන ඇය එදා වගේම අදටත් හරි ලස්සන රූපකායකට හිමිකම් කියන කෙනෙක්.

සාමාන්‍යයෙන් රංගන ශිල්පීන් ශිල්පිනියන් ලස්සන වෙන්න මොන වගේ දේවල් කරනවද කියන එක පිළිබඳව ඔවුන්ට ආදරය කරන රසික පිරිස නිරන්තරයෙන්ම උනන්දුයි. ඉතින් කුසුම් රේණු මීට කලකට ඉහතදී ඇය ඒ විදිහට එදා වගේම අදටත් ලස්සනට ඉන්න භාවිතා කරන අපූරු රූපලාවන්‍ය උපක්‍රම කීපයක් පිළිබඳව පුවත්පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම තමයි තාමත් ගොඩක් දෙනෙක් ඇයට කියනවා ඔබ ගොඩක් ලස්සනයි කියලා. ඒ ලස්සන වීමේ රහස පිළිබඳව ඇය අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

“පෙර ආත්මේ කරපු පින් නිසා මම ලස්සන වෙලා මේ ආත්මෙ ඉපදුනා කියලා මම විශ්වාස කරනවා. පිනට ලැබුණට ඒ රූප රැකගන්න මම තව තවත් පින් කරනවා. සෑම උදෑසනකම අවදිවෙලා පොළොවට පය තියලා ඇවිදින්න කලින් ඇඳේ වාඩි වෙලා ඇස් පියාගෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත් ඇති වෙත්වා කියා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම අද දිනයේ මට කාට හෝ උදව්වක් කරන්න පින් දහමක් කරන්න ලැබෙන්න කියලා මං හිතනවා. මා මෙලොවට බිහිකල දෙමව්පියන්ටත් අකුරු ශාස්ත්‍රය කියා දී යහමගට යැවූ ගුරුවරුන්ටත් ජීවිතය සතුටින් තියන ආදරණීය ස්වාමියාටත් දරු දෙදෙනාටත් මිනිබිරිය ඇතුළු සියලු සත්ත්වයන්ට යහපතක් වේවා කියා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම රංගන ශිල්පිනියක් නිසාත් කාන්තාවක් නිසාත් මම මගේ රූපය ගැන ශරීර සෞඛ්‍ය ගැන වගේම අඳින පළඳින විදිය ගැනත් හරිම සැලකිලිමත්. චාම් බව සරල බවට මම ඉතාම කැමැතියි මම සෑම කටයුත්තකම නිරත වෙන්නේ සම්මා දිට්ඨියෙන්.”

ඒ විදියට අදහස් දක්වන මේ සුරුපී රංගන ශිල්පිනිය සඳහන් කරන්නේ අඳින පළඳින විදිය සහ කොන්ඩෙ බදින විදිහ පිළිබඳව වුණත් ඇය හරිම සැලකිලිමත් කියලා. ඒ වගේම කොච්චර විලා සිතා ඇඟට ගැලපුනත් වයසට ගැළපෙන්නේ නැත්නම් ඒවා ඈ කරන්නේ නෑ කියලත් සඳහන් කළා. ඉතින් ඇය රූපය රැකගන්න සහ නීරෝගීව ඉන්න දෛනිකව සිදු කරන ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහටයි.

“මම සෑම උදෑසනකම අවදි වන විටත් රාත්‍රියේ නින්දට යන විටත් භාවනා කරනවා. එය තමයි මා සතු මූලික ම ශක්තිය. නිර්මාංශ ආහාර රටාවකට හුරු වූ නිසා තෙල් මිරිස් තුන පහ වර්ග ආහාරයට ගන්නේ අඩුවෙන්. හැමදාම කෑම වේලට අලුත් එළවළු වර්ග දෙකක් වුනත් පලා මැල්ලුමක් සලාදයක් තෝරගන්නවා. බත් කන්නේ හරිම අඩුවෙන් එළවළු පලාවර්ග සලාද පලතුරු ගොඩක් කනවා. සමහර දාට සලාදයක් පමණයි රාත්‍රී ආහාරයට ගන්නේ. පාන් කන්නේ නැතිම තරම් පලතුරු වලින් ගස්ලබු කොමඩු අලිගැටපෙර දිවුල් වගේ පලතුරු නිතර ආහාරයට ගන්නවා. වැඩිපුර වතුර පානය කරනවා පුළුවන් වෙලාවට ජිම් එකට ගිහින් ව්‍යායාම කරන්න හෝ ඇවිදින මං තීරු වලට ගිහින් මම ඇවිදිනවා”

ඉතින් ඇය නිරෝගී ඒ වගේම සුන්දර රූපයක් ඒ විදිහට පවත්වාගන්න නිතර කරන පිළිවෙත් පිළිබඳව අදහස් දැක්වූයේ ඒ ආකාරයෙන්. ඒ වගේම අවසානයේ ඇය සඳහන් කරලා තිබුනා අපි ඉපදිලා ජීවිතේ නැති වෙන තාක් කල් ඒ ජීවත් වන කාලවකවානුව තුළදී කාටවත් කරදරයක් නොකර කාටවත් හිංසාවක් නොකර ජීවත් වෙනවා නම් එයත් ලස්සන සු

මෙන්න බලන්න තවත් පුවත්