හඳුනා නොගත් නියමුවන් රහිත ගුවන්යානයක් වෙඩිතබා බිම හෙළීමට අමෙරිකානු ආරක්ෂ අංශ පියවර ගෙන ඇති බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ඇලස්කාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ මෙම හඳුනා නොගත් වස්තුව ඇලස්කාවට කඩාවැටී ඇති  බව ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බ් ප්‍රකාශ කරයි.

අමෙරිකානු ගුවන් සීමාව තුළ පවතින ඕනෑම හඳුනානොගත් වස්තූන් බිම හෙළීමට ජනාධිපති ජෝ බයිඩන් නියෝග කර ඇති බව වැඩිදුරටත් සදහන් කරයි.

පසුගියදා එක්සත් ජනපද මුහුදු සීමාවට ඉහළින් පැවති චීන බැලුනයක්ද විනාශ කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්