භාවනා මධ්‍යස්ථානය තිබූ රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ වටිනා පිත්තලෙන් නිමකරන ලද ශිව දේව ප්‍රතිමාවක්, කතරගම දේව ප්‍රතිමාවක් සහ කුඩා චෛත්‍යයක් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 09 වන දින අදාළ සොරකම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සොරකම සිදුකළ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් පොලිසිය ඊයේ (10) රාත්‍රියේ ඔහුව අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී සැකකරු කැළණි ගඟට පැන පිහිනා ගොස් ඇති අතර, ඔහු නැවත ගොඩට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 26 හැවිරිදි වියේ පසුවන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.
සැකකරු විසින් භාවනා මධ්‍යස්ථානයෙන් සොරාගත් දේපළ සොයා ගැනීමට හැකිව ඇති අතර, මොහු තවත් සොරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
සැකකරු අද (11) දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

පැරණි පුවත් -මම විලාසිතා කරද්දී දුඹුරු පාට හැරෙන්න ලෝකේ තියෙන ඕනෑම පාටක ඇඳුම් අඳිනවා මම දුඹුරු පාට ඒවා පෙන්න බෑ – හින්දි නිලියක් වගේ ලස්සන පියුමි ශ්‍රී නායක
මේ දවස්වල ලංකාවේ බහුතරයක් නරඹන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි ස්වර්නවානිනී නාලිකාවේ විකාශනය ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගේම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දුටුවන්ගේ නෙත් වශී කරනවන සුන්දර රුවකට හිමිකම් කියන පියුමි ශ්‍රීනායක සමග,
ඔබට හිතෙන විදියට ඔයාට ගැලපෙනම විලාසිතා මොනවද..?
‘මට ගැලපෙනම විලාසිතා තමයි ඉන්දියානු විලාසිතා, මගේ මුහුණේ හැඩයි ඇඟේ පැහැයයි නිසා මම හින්දි විලාසිතා කරද්දී ගොඩක් අය කියනවා මම හින්දි නිලියක් වගේ කියලා, මම විලාසිතා කරද්දී දුඹුරු පාට හැරෙන්න ලෝකේ තියෙන ඕනෑම පාටක ඇඳුම් අඳිනවා මම දුඹුරු පාට ඒවා පෙන්න බෑ, අනිත් හැම පාටක්ම මට ලස්සනයි කියලයි මට හිතෙන්නේ,”
අපි දකිනවා ඔබ ඔබටම ආවේනික විලාසිතා කරනවා, ඉතින් ඒ ඇඳුම් නිර්මාණය කරගන්නේ ඔබමද..?
”ඇත්තම කියනවනම් නැහැ, මට මම වෙනුවෙන්ම ඇඳුම් නිර්මාණය කරන කෙනෙක් ඉන්නවා, එයා තමයි රුවන් චාමර මල්ලි, එයා මට නිර්මාණය කරලා දෙන එක ඇඳුමක් මම අඳින්නේ එක පාරයි, ඉතින් ඒ නිසා එයා අලුත් අලුත් ඇඳුම් ගොඩක් මට හදලා දෙනවා, ඇත්තම කියනවනම් එයා අති දක්ෂයෙක්”
විලාසිතා වෙනුවෙන් ලොකු මුදලක් වැය කරනවා ඇති නේද එහෙනම්
අනේ නෑ, මම නිතරම බලන්නේ අඩු මුදලකින් ලස්සනට අඳින්න පළදින්න, මම කොහොමත් බ්‍රැන්ඩඩ් ඇඳුම් විතරක් අඳින කෙනෙක් නෙවෙයි, මම මට ගැලපෙන ඕනෑම ඇඳුමක් අඳිනවා, මට එහෙම මානසික මට්ටමක් නෑ, පොඩි ගානකට ලස්සන ඇඳුමක් හම්බවුනොත් මම ඒකත් අරන් අදිනවා, ඒක පාටියකට හොඳයි කියලා හිතුනොත් මම පාටියකටත් ඒක අඳිනවා,”