
අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් ඇතුළු වන සතුන් බහුලව ගැවසෙන ගල්ඔය වනාන්තරය ආසන්නයේ අධිශබ්ද සහිත සංගීත සන්දර්ශන පැවැත්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෞද්ගලික සමාගමකට අවසර දීම පිළිබඳව පරිසරවේදීහු දැඩි විරෝධය පළ කර සිටිති.
මේ මස 17දා සිට 20 වන දා දක්වා හබරණ – ත්‍රිකුණාමල පාරේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්ඔය වනාන්තරයේ මෙසේ අධිශබ්ද සහිත සංගීත සංදර්ශන පැවැත්වීමට සීගිරියේ පිහිටි පෞද්ගලික සමාගමකින් අවසර ඉල්ලා ඇති අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දී තිබේ.
මේ සන්දර්ශන හේතුවෙන් වන සතුන් මෙන් ම සන්දර්ශන නැරැඹීමට එන සංචාරකයන් ද පීඩාවට මෙන් ම අවදානමකට ද පත්වන බවත් වන ජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවතින රාජ්‍ය ආයතනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ම මෙවැනි අත්තනෝමතික ක්‍රියා මාර්ගයක් ගැනීම කිසිසේත් ම අනුමත කළ හැකි තත්ත්වයක් නොවන බවත් සීමාසහිත පාරිසරික පදනමේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා සදහන් කරයි.
සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යැයි පවසමින් මෙම සන්දර්ශන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ද පරිසර අමාත්‍යාංශය හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ද අවසර ලබා දී ඇති බව පෙන්වා දුන් හේමන්ත විතානගේ මෙවැනි නීති විරෝධී කටයුත්තක් කිරීමට රාජ්‍ය ආයතන අවසර දීම හා සහය දීම බරපතළ වරදක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
උපුටා ගැනීම – මව්බිම