අද (11) තවත් සුළු භූ කම්පනයක් වැල්ලවාය ප්‍රදේශයේ  සිදු වී තිබේ. අද අලුයම 3:48 පමණ එම කම්පනය සිදු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි .

එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී ඇති බවත් වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශය එහි කේන්ද්‍රය ලෙස සටහන් වී තිබේ.

මේ අතර ඊයේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපකයේ 3.0ක අගයක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්