
මේ වෙද්දී ලංකාවේ හැමෝම අතර කතාවෙන ආදරණීය යුවලක් තමයි හර්ෂි රසංගා සහ මහේන් යුවල කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ පහුගිය දිනක විවාහ වුන හර්ෂි රසංගා සමග, හර්ෂි පහුගිය දවසක ජීවිතේ අලුත්ම පිටුවක් පෙරළුවා, පුංචි වයසට ගත්ත තීරණය බර වැඩියි කියලා හිතෙන්නේ නැද්ද..? පහුගිය කාලයේ හැමෝමට මට කිවුවා මම කරන්න වයසට වඩා පැහිච්ච වැඩ කියලා, ඒ කතාව ඇත්ත, මම පොඩි වයසින් ජීවිතේ ගැන වෙනස්ම විදියට හිතලා වැඩ කරන්න ගත්ත කෙනෙක්, විවාහයෙන් පස්සේ එයා එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා මට දැනුනා ඉතින් මම එයා එක්ක විවාහ වුනා, මහේන් මට වඩා අවුරුදු හයක් වැඩිමල්, එයත් මමවගේම කෙනෙක්, ඉතින් අපේ ජීවිතේ බර නෑ, අපි අපේ ප්‍රශ්න විසඳගෙන සතුටින් ජීවත් වෙනවා, එහෙම කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි”
හර්ශිගේ ආදරේ නිසා ඔයා ගොඩක් ආදරේ කරන නිලිකම නැතිවෙනවා නේද..? ”ගොඩක් අය හිතාගෙන ඉන්නේ එහෙමයි මම රංගනයෙන් ඉවත් වෙන්නේ එයා නිසා කියල, අනේ ඇත්තමයි එයා මට විහිළුවටවත් කියලා නෑ රඟපාන්න එපා කියලා, මේක මම ගත්ත තීරණයක්, මම උසස්පෙළ කලේ නැහැ, ඒ විදෙස් අධ්‍යාපනය හදාරන්න හිතාගෙන, ඉතින් මම මහේන් එක්ක ඉක්මනට විවාහ වුනේ රට ගිහින් ඉගන ගන්න පුළුවන් නිසා, මම කොහොමත් ආයේ ලංකාවට ඇවිත් අපේ වෙඩින් එක ගන්නවා, ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕන මම නිළිකම අත් හරියේ මට ඒ ගැන ලොකු කලකිරීමක් ඇතිවුනා, රටින් යන්නත් හේතුව ඒක වෙන්න පුළුවන්, මට මොනවා කිවුවත් කමක් නෑ හැබැයි මගේ සැමියාට එක එක කතා හදන්න එපා, මම ආසම නෑ ඒකට”
අපිට ආරංචියි සැමියා කෝටිපතියෙක් කියලා, ”කවුද අනේ ඔයවගේ කතා කියන්නේ, එයා කෝටිපතියෙක් නෙවෙයි මම වගේම සාමාන්‍ය කෙනෙක්, අපි ලස්සනට අඳිනවා ෆැෂන් කරනවා, එයා හරිම ආසයි මම ලස්සනට පිළිවෙලට අන්දිනවට, ඉතින් අපි ෆැෂන් කරනවා දැක්කම අනිත් අය හිතනවා ඇති අපි පට්ට කෝටිපතියෝ කියලා අනේ එහෙම නෑ, අපි උපයන මුදලින් සතුටින් ජීවිතේ විඳිනවා එච්චරයි”
හර්ෂි සම්පුර්ණයෙන්ම කලාවට සමු දෙනවද..? ” නැහැ මම රංගනයෙන් ඉවත් වෙනවා විතරයි, හැබැයි මම ගායනය පැත්තෙන් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඒ වගේම අලුත් ගීත දෙකක් මම මේ දවස්වල කරමින් ඉන්නවා, ඒ වගේම ළඟදීම ඒවා එළිදක්වනවා, මම කලින් කරපු නාට්‍ය කිහිපයක්ම එන්නත් තියෙනවා, මම හිතනවා මගේ රසිකයන්ට මම නැති වුනාට ඒ අඩුව දැනෙන එකක් නෑ කියලා, කොහොම වුනත් ඒ දේවල් විකාශනය වෙද්දී ලැබෙන ප්‍රතිචාර ලබන්න මම ලංකාවේ නැති එක මට හරිම කනගාටුයි”
පැරණි පුවත් -දිනේෂ් හරිම හොඳයි මම මාරම ආසයි එයාට- ආදිත්‍යා නිසා ශනුද්‍රි දිනේෂ් ආදරය දෙදරයි ?
ගායන ලෝකයේ අතිශය ජනප්‍රිය වුන නවක ගායන ශිල්පිනියක් තමයි ආදිත්‍යා වැලිවත්ත කියන්නේ, සිරස නාලිකාවේ විකාශනය වුන The Voice Teens Sri Lanka ගායන තරඟාවලියේදී ඇය විසින් ගායනා කල ‘නොමිලේ දුන් නිසා මගේ’ ගීතය නිසා තමයි ඇය වැඩිපුරම ජනප්‍රිය වුනේ.
සිරස The Voice Teens Sri Lanka වැඩසටහනට එන්න කලින් ඇය රංවල බලකායේ ජනගී අංශය නියෝජනය කරලා තිබ්බා. ඒ වගේම අදිත්‍යාට ජනගී අංශයෙන් සම්මාන රැසක්ම ලැබිලා තියෙනවා කියලා අපි කවුරුත් දන්නවා.
කොහොම වුනත් කාලයක් ආදිත්‍යා පිලිබඳ විවිධ කට කතා කිහිපයක්ම සමාජ ජාලාවල පැතිරුනා. ඒ ඇයගේ යැයි කියමින් ශෙයා වුන වැඩිහිටියන්ට පමණක් සීමාවුන වීඩියෝ පටයක්, කොහොම වුනත් පසුව හැමෝටම දැනගන්න ලැබුනා ඒ වීඩියෝ පටයේ ඉන්නේ ආදිත්‍යා නෙවෙයි කියලා, ඉතින් ඒ සිදුවීම පිළිබදව ආදිත්‍යා කිව්වේ මේ වගේ කතාවක්.
“මෙහෙමයි මට විතරක් නෙවෙයි ලංකාවේ ජනප්‍රිය වෙන හැමෝටම වගේ මේ වගේ සිදුවීම් වලට මුහුණදෙන්න වෙලා තියෙනවා, හැබැයි මෙහෙම උනාම මට ලොකු අපහසු තාවයකට පත්වෙන්න වුනා, හැමෝම මගෙන් මේ ගැන අහන්න ගත්තා, ඉතින් ඒක මට ලොකු ප්‍රෙෂර් එකක්, මගේ හිත දන්නවා මම නිර්දෝෂී කියලා, ඒක බලපු අයත් දන්නවා.
ඒ මම නෙවෙයි කියලා, පොඩ්ඩක් මම වගේ උනාට ඒ ඉන්නේ මම නෙවෙයි හැබැයි එයාලා ඒ වීඩියෝ එක ශෙයා කලේ මම කියලා, මම ඕනෑම දෙයක් දරාගන්න පුළුවන් කෙල්ලෙක්. මේ ඒ ශක්තිය දුන්නේ මගේ අම්මා, ඉතින් මම ඒ දේවල් වලට වැටුනානම් අද මම මෙතන නෑ,”
දැන් ආදිත්‍යා කියන්නේ ගොඩක්ම ජනප්‍රිය ගායිකාවක්. ඉතින් ඇය වී FM නාලිකාවේ ‘දන්න දෙන්නෙක්’ වැඩසටහනකට එකතුවෙලා ඇයගේ ආසම ගායකයා පිලිබඳ කියනවා.
ඒ තමයි මේ දවස්වල හැමෝම හොයන ආදර කතාවේ ආදරවන්තයා, දිනේෂ් ගමගේ, ඉතින් ආදිත්‍යා දිනේෂ් පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”මම මාරම ආසයි දිනේෂ් අයියට, එයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්.
ඒ වගේම එයා වැඩ ගොඩක් කරලා තියෙනවා, ඒ වගේම මම එයාගේ දැනෙනා තුරුමා ගීතයට ගොඩක්ම ආසයි” කියලා, කොහොම වුනත් කාලෙකට කලින් ආදිත්‍යා කියපු මේ කතාව දැන් ගොඩක් දෙනෙක්ගේ කතාබහට ලක් වෙන්න පටන් අරගෙන. ඒ වගේම ශනුද්‍රිගේ සහ දිනේෂ් ගමගේ ආදරය ආදිත්‍යා නිසා දෙදරා යාවි කියලා මේ දෙන්නගේ රසිකයන් ගොඩක් බයෙන් ඉන්නේ කියලත් අපිට දැනගන්න ලැබුනා.