
නිට්ටඹුව ප්‍රදේශයේ නිවසක ගැලුමක දමා තිබූ භූමිතෙල් පානය කළ දෙහැවිරිදි පිරිමි දරුවකු වතුපිටිවල රෝහලටත්, පසුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු මරුමුවට පත්ව තිබේ.
මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ නිට්ටඹුව, රන්පොකුණගම පදිංචිව සිටි ගුන්වින්නවඩු යස්මිත රවීස් හංසක බණ්ඩාර නමැති සිඟිත්තෙකි. මියගිය සිඟිති දරුවාගේ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (10 දා) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියේ දී පැවැත්විණි. කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයේ දී සාක්‍ෂි දුන් රංගජීව විජේසිරි යන අය පවසා ඇත්තේ තමා දරුවා සමග ආයුධ ගබඩා කර තිබූ කාමරයට ගිය බවය. බල්ලාට කෑම දීමට ගිය අවස්ථාවේ දරුවා කහින සද්දයක් ඇසී බැලූ බවත්, එහිදී දරුවා ලීටර් පහේ භූමිතෙල් ගැලුම අසල සිටි බවත් භූමිතෙල් ගැලුමෙන් සුළු ප්‍රමාණයක් භූමිතෙල් තිබූ බවත් ඔහු සාක්‍ෂියේ දී පවසා ඇත.
පසුව දරුවාගේ කට සේදූ බවත්, ඉන් අනතුරුව දරුවා වතුපිටිවල රෝහලට රැගෙන ගිය බවත් එහිදී දරුවා ව බොරැල්ල ළමා රෝහලට මාරු කළ බවත් ඔහු සාක්‍ෂි දෙමින් කියා තිබේ. මේ පිළිබඳව නිට්ටඹුව පොලිසිය හා මරදාන පොලිසියේ සැරයන් කොඩිතුවක්කු (48740) හා බොරැල්ල ළමා රෝහල් පොලිසියේ කොස්තාපල් කීර්ති කුමාර (67072) වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ශිරාන් රණසිංහ වේයන්ගොඩ ඉන්දික තුෂාර
පැරණි පුවත් -තරග කරපු අනිත් තුන්දෙනාම දක්ෂයි. අවසන් වටයට යයි කියලා මං හීනෙන්වත් හිතුවෙ නැහැ
පසුගියදා අවසන් වූ හිරු ස්ටාර් වේදිකාව හරහා මෙරට ගායන ක්ෂේත්‍රයේ පෝෂණය කිරීම සඳහා බිහිවූ සුන්දර තරුවක් තමයි අමිෂ මිනෝල් කියන්න. බුලත්කොහුපිටිය ප්‍රදේශය නියෝජනය කරමින් ඔහු මේ තරගයට සහභාගි වූ අතර වැඩිම ප්‍රේක්ෂක මනාප දිනාගත් අවසානයේ තරගාවලිය ජයග්‍රහණය කරන්නත් අමිෂ ට හැකියාව ලැබුණා.
තරගාවලියක් ජයග්‍රහණය කරන්න අනිවාර්යෙන්ම දක්ෂතාවය තියෙන්න ඕනේ ජනප්‍රිය වෙච්චි පමණින්ම කාටවත් බැහැ ඔහුව ජයග්‍රහණය කරා ජයග්‍රහනය කරා ගෙනියන්න.ඒ විදිහට පුංචි කාලේ ඉඳන්ම සංගීතයට ආසකරපු ඔහු මේ වන විට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය සම්බන්ධයෙන් අධ්‍යන කටයුතු කරගෙන යනවා.ඉස්කෝලේ හය වසරේ නම තමයි අමීශ සංගීතය හදාරන්නේ.ඉතින් මේ ලැබුණු ජයග්‍රහණය සතුට පිළිබඳව ඔහු කිව්වේ මේ වගේ කතාවක්.
ඇත්තටම ඒ සතුටු වචන වලට පෙරලන්න බැරි තරම් සතුටුයි.මම නොහිතපු ජයග්‍රහණයක් මහපොළොවේ තිබුණු අපේ ජීවිත අහස උසට ඔසවලා තැබුව එකම වේදිකාව හිරු වේදිකාව. මේ තුළින් මට ලැබුන දේවල් බොහෝ යි විශේෂයෙන් ම ප්‍රේක්ෂක ආදරය.ඒ හැමදේටම ගොඩක් ගොඩාක් ස්තුති වන්ත වෙන්න ඕනි.මම පුංචි කාලෙදිත් සංගීතයට ගොඩක් ආසයි.ඒ නිසාම පාසල් කාලේදී හය වසරේ සිටම සංගීතය හදාරන්න පටන් ගන්නවා.ඒ පටන් ගැන්මත් එක්ක උසස් පෙළටත් සංගීතයම තමයි තෝරගන්නෙ.මම මේ වන විට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු සිදු කරනවා”.
ඉතින් ඒ විදිහට හිතපු ඔහු පාසලේ ජනප්‍රිය චරිතයක් ඒ නිසාම නිතැතින් ම ප්‍රේක්ෂක ආදරය අමිශට හිමි වුණා.පාසලේ මොනව හරි උත්සවයක් තිබ්බොත් අනිවාර්යෙන්ම ඔහුට ගීත ගායනා කරන්න අවස්ථාවක් හිමි වුණා.ඒ සියලුම දේවල් පන්නරය කරගත්තු ඔහු සංගීත ජීවිතයේ මෙවැනි ජයග්‍රහණයක් ලබා ගන්න බලාපොරොත්තුවක් තිබ්බද කියලා අහපුවාම කිව්වේ මේ වගේ දෙයක්.
“ඇත්තම කියනවා නම් මේ ගායන තරගාවලිය තුළ මම අවසන් මහා තරගයට ගීතවත් වෙන්න අවස්තාවක් ලැබෙයි කියලා නං හීනෙකින්වත් හිතුවේ නැහැ.මොකද මේ තුළ දක්ෂ තරගකරුවන් බොහෝ පිරිසක් හිටියා.ඒ නිසා ඔවුන් සමඟ තරග කරද්දී ඇත්තටම මගේ අරමුණ වුණේ අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරට යාම.ඊට පස්සේ අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරට ආවට පස්සෙ අවසන් මහා තරඟයට ගිහින් ගීයක් කියන්න ලැබුණොත් හොඳයි කියලා මට සතුටක් හිතුනා.එ අරමුණ මම ඉෂ්ට කරගත්තා ඒ ජනතාවගේ ආශිර්වාදයත් එක්ක. මගෙත් එක්ක තරග කරපු තරග කරන්න හිටපු අනිත් තිදෙනාම ගොඩක් දක්ෂයි.ඔවුන්ගෙන් විශාල අභියෝගයක් මට ලැබුණා.” ඉතින් ඔන්න ඔය විදිහට තමයි අමීෂ අවසානයේ මේ ලැබුණු ජයග්‍රහණය සහ ඒ වෙනුවෙන් කරපු කැපකිරීම පිළිබඳව අදහස් දක්වලා තිබුණේ.