
අවුරුදු 11 මාස 10ක් වියැති බාලවයස්කාර දැරියක් දුෂණය කිරීම සහ පහළොස් හැවිරිදිවියේ පසුවන පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අතවර කිරීම සම්බන්ධයෙන් කට්ටඩියකු අත්අඩංගුවට ගත්බැව් ඕපාත පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලම, 4 කණුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදිවියේ පසුවන විවාහකයෙකි. මෙකී කට්ටඩියා ශාස්තර කීම සඳහා වරමක් ලබාදෙන බව පවසමින් ඇයගේ
නිවස තුළදීම අවුරුදු 11ක් සහ මාස 10ක් වියැති දැරියක් දුෂණය කොට තිබුණි. මෙකී දැරියගේ පියා දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවීම නිසා එය නතර කිරීම සඳහා ගුරුකමක් කිරීමට දැරියගේ මව විසින් කට්ටඩියා ගෙන්වා තිබුණි. දැරියගේ නිවසට පැමිණි කට්ටඩියා දැරිය දැක අයට දේවවරමින් ශාස්තර කීම සඳහා වරමක් ලබාදියහැකි බව පවසා ඇත. පසුව කට්ටඩියා විසින් දැරියගේ දෙම්ව්පියන් නිවසේ පිටතින් තබා දැරියට ආරූඩය ලබාදීමට බව පවසමින් ඇය නිවස තුළට රැගෙන ගොස් අතවර කර තිබේ. එම අවස්ථාවේ විදුලිය ද විසන්ධි වී ඇති අතර කට්ටඩියා විසින් නිවස තුළදී දැරිය දුෂණයට ලක්කොට ඇත. පසුව මේ පිළිබඳ දැරිය මවට පවසා ඇති අතර පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව කට්ටඩියා අත්අඩංගුවට ගනු ලැබීය. මෙකී කට්ටඩියා අවුරුදු 15ක් මාස 10ක් වියැති පාසල් සිසුවියක් නෙළුව ප්‍රදේශයට රැගෙන ගොස් ඇයටද අතවර කොට තිබූ බව පොලිසිය පවසයි.
ඕපාත පොලිස් ස්ථානාධිපති චන්දිමාල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් තණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්
පැරණි පුවත් – මාව දැක්කම ඉතින් සිහියක් නෑ..මාව පෙරල ගන්නවා..පුදුම විසයක් තියෙන්නෙ – පියුමි හංසමාලී
ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් මම විසේකාර දඟකාර කටකාර සුන්දර හැඩකාර චරිතයක්, මම දරුවා එක්ක ඉන්න වෙලාවට මම මවක් යාළුවො එක්ක ඉන්න වෙලාවට මම යාලුවෙක්, මම කිසිම වෙලාවක වගකීම් පැහැර හරින චරිතයක් නෙවෙයි ඉතින් මම මගේ වගකීම් කිසිම වෙලාවක මගහැරලා නෑ, පියුමි කියන්නේ ඒ වගේ චරිතයක්”
පියුමි හංසමාලි කියන්නෙ සමාජ මාධ්‍ය ජාලා තුළ නිරන්තර කතාබහට ලක්වන චරිතයක්. එහෙම වුණත් අසරණ මිනිස්සුන්ට, සතුන්ට උදව් උපකාර කරන හිත හොඳ සිත් ඇත්තියක් විදිහටත් ඇයව බොහෝ දෙනා දැන අඳුනනවා. විශේෂයෙන් ම ඇය ඇගේ සමාජ මාධ්‍ය තුළිනුත් බොහෝ දෙනෙකුට උදව් උපකාර කරන අයුරු දකින්න පුළුවන්.
පියුමි ජීවිතේ ගැන මොකද හිතන්නේ ”මට හිතෙන විදියට ජීවිතේ කියන්නේ පුදුමාකාර දෙයක්, ගැහැනියක්වී ඉපදීම කියන්නෙම සමාජයෙන් කතා අහන්න වෙන දෙයක්, දුක් කරදර වලට මුහුණ දෙන්න වෙන දෙයක්, විශේෂයෙන්ම ආසියාව වගේ රටක එහෙම තමා, මට මගේ ජීවිතේ සමහර ප්‍රශ්න වලදී මට මගේ ජීවිතේ පවා ඇති කියලා හිතුනා, හැබැයි මම තේරුම්ගත්තා මේ ජීවිතේ තියෙන්නේ ප්‍රශ්නවලින් පැනලා යන්නවට වඩා ප්‍රශ්නවලට ෆේස් කරන එක වැදගත් කියලා, මම ශක්තිමත් ගැහැනියක්”
පියුමි කලින් රඟපෑවා හැබැයි දැන් ඔයා වැඩිය පේන්න නෑ, ඇයි ඒ..? ”ප්‍රධානම හේතුව තමයි මම වැඩියෙන්ම බලන්නේ මගේ නිදහස මම කිසිම වෙලාවක දවසේ පැය 24 ම කාර්ය බහුල වෙන්නත් කැමති නැහැ. මම ආස හරි ගානට බැලන්ස් එකේ ගෙනියන්න, ඒ වගේම මම දැන් ආයෙත් විවාහ වෙලා ඉන්නේ, මම දැන් මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා, ඉතින් ඒ නිසා මම කිසිම කළා නිර්මාණයක් බාරගත්තේ නෑ, හැබැයි මට අඩුවක් නැතුව ආරාධනා ලැබෙනවා”
මේ දවස්වල හැමෝගෙම අවධානය දිනාගෙන තියෙන සිදුවීමක් තමයි ප්‍රසිද්ධ ගායිකාවක වන කේ සුජීවාගේ සිදුවීම, ඒ සිදුවීම ගැන මේ වනවිට නොදන්නා කෙනෙක් නොමැති තරම්, ඉතින් මේ වගේ සිදුවීමකදී හැමෝගෙම අවදානය යොමුවෙන්නේ පියුමි හන්සමාලිගේ පැත්තට මොකද මේ වගේ විශේෂ සිදුවීම්වලට පියුමි මොනවා හරි කියනවා, ඉතින් ඒ වගේ පියුමි අපූරු සහනක් ස්ටෝරි ශෙයා කරලා තිබ්බා, ඒ තමයි ”නිකමට කේ සුජීවගේ වාහනේ ඇවිත් පියුමිගේ වාහනේ හැප්පුවනම් අද හක්කේ තියලා සෙම අරින්නේ ප්‍රසිද්දකම පැත්තකින් තියලා,”
නමුත් ඇගේ මව්වත්කම වගේම ඇගේ සත්ත්ව කරුණාව ගැන සමාජය කතා කරන්නේ හරිම අඩුවෙන්. පියුමි බලු සුරතලුන්ට හරිම ආදරෙයි කියලා ඇගේ සමාජ මාධ්‍යවල ඉන්න කවුරුත් දන්නවා.ඇය වීදිවල ඉන්න පුංචි බලු පැටවුන්ට කොයිතරම් නම් කන්න බොන්න දෙනවාද කියලා ඇයව දන්නා ඕනෑම කෙනෙක් දන්නවා.