
වර්තමානයේද නිරූපිකාවක් ලෙස කටයුතු කරන ජෙසිකා සිල්වාට මෙවර අපි සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා. වසර ගණනාවක් මුළුල්ලේ නිරූපිකාවක් ලෙස කටයුතු කරන ඇය දැනට ඩුබායි නගරයේ පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටියි. එමෙන්ම කාලය කළමණාකරණය කර ගනිමින් ඇය මෙහි නිරූපණ කටයුතුවලද නිරත වෙන අතර, ජෙසිකා අපට ඒ සම්බන්ධව මෙසේ තොරතුරු පැවසුවා.
ඔබ නිරූපණ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් නෙවෙයි?
නැහැ මම මොඩ්ලින් වලට අලුත් කෙනෙක් නෙවෙයි. මට වයස අවුරුදු 16දී තමයි ෆිල්ඩ් එකට එන්නේ. ඒ කියන්නේ මගේ මතකේ හැටියට 2016 වසරේ. මුලින්ම කොමර්ෂල් මොඩල් කෙනෙක් විදිහට තමයි වැඩ කළේ. එතකොට මම අ.පොස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියේ. විභාගය අවසන් වෙනකම් මම ඊට පස්සේ මොඩ්ලින් කළේ නැහැ. ඒත්, ඒ වෙන කොට මොඩල් ෆිල්ඩ් එකේ ගොඩක් අය මාව අඳුනගෙන තිබුණා. බ්‍රයන් කේක්‍රඕවන් තමයි මගේ ගුරුවරයා. ඔහුගේ හැදෑරිම් යටතේ තමයි මම මේ ෆිල්ඩ් එකට ආවේ.
ඔබ දැන් විදෙස් ගත වෙලා ඉන්නේ. තවමත් ඔබ නිරූපණ කටයුතු සිදු කරනවාද?
ඔව්, මම දැන් ලංකාවේ නෙවෙයි ඉන්නේ. ඩුබායිවල. 2022 වසරේ නොවැම්බර් වගේ මම ඩුබායි වලට ආවා. දැන් නම් මම ඩුබායිවල පෙර පාසල් ගුරුවරියක් විදිහට වැඩ කරනවා. ඒ ගමන් ඇමෙරිකානු විද්‍යාලයක මනෝ විද්‍යාව උපාධියක් හදාරමින් ඉන්නවා. ලබන වසරේ ජනවාරි මාසයේදී නැවතත් ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. බොහෝ විට ව්‍යාපාර කටයුත්තේ වැඩවලට දෙසැම්බර් මුල් වගේ එන්නත් හිතාගෙන ඉන්නවා. කොහේ හිටියටත් මොනදේ කළත් මම අදත් හරිම ආඩම්බරයෙන් කියනවා මගේ ප්‍රධාන වෘත්තිය මොඩ්ලින් කියලා.ඒ නිසා අදටත් මට විවේකයක් තියෙන වෙලාවට ඩුබායිවලත් මොඩ්ලින් කරනවා.
ගොඩක් අය දැන් විදෙස් ගත වෙලා නිරූපණ වැඩ කරනවා. හේතුව මොකක්ද?
ඔව්, මේ වෙනකොට ගොඩක් වෘත්තිය මට්ටමේ මොඩ්ස්ලා දැන් විදෙස් ගත වෙලා වැඩ කරනවා. ඒකට හේතුව තමයි ලංකාවේ දැන් මොඩල් ෆිල්ඩ් එකක් නැහැ. ඒකට හේතුව විදිහට මම දකින්නේ දැනුමක් නැති අය ඇවිල්ලා මේ ෆිල්ඩ් එක විනාශ කරලා තියෙන එක. ගොඩක් වෘත්තිය මට්ටමේ මොඩස්ලා මේ ෆිල්ඩ් එකෙන් අයින් වෙන්න හේතුව එක. ඒ වගේම තමයි මොඩල් කෙනෙක්ට අද වෙන කොට ලංකාවේ වටිනාකමක්, පිළිගැනීමක් නැහැ. ඒ හින්දා තමයි ගොඩක් අය අද ලංකාවේ මොඩ්ලින් කරන එක අත්හැරලා විදේශ ගත වෙලා ඒ රටවල මොඩ්ලින් කරන්නේ. විදෙස් රටවල මොඩ්ලින් කරනවා කියන්නේ අද වටිනාකමත් ලැබෙන දෙයක්. අපි මොඩල් කෙනෙක් විදිහට දන්නේ නැති ජාත්‍යන්තකර මට්ටමේ බොහෝ දේවල් විදෙස් රටවල මොඩ්ලින් කරද්දි ලබාගන්න පුළුවන්. ඒ වගේ තමයි අත්දැකිම්. මම දකින විදිහට අද වෙන කොට මොඩල් කෙනෙක්ට විදේශයන්හි ඉහළ වටිනාකම් ලැබෙනවා.
නිරූපණ ශිල්පිණියක් විදිහට අද ඇවිල්ලා තියෙන තැන ගැන ඔබට මොකද හිතෙන්නේ?
මම මොඩල් ෆිල්ඩ් එකට ආවේ පොඩි වයසකදි. ඉතින් වෘත්තිය මට්ටමේ මොඩල් කෙනෙක් විදිහට අද මම ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. ෆිල්ඩ් එක ගැන දැන් ලොකු දැනුමක් වගේම අත්දැකිමක් ගොඩක් මට තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගොඩක් අය දැන් මාව අදුනනවා. පොඩි ආඩම්බරයෙකුත් ඒ ගැන මට තියෙනවා ඉතින්. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ මොඩ්ලින් ෂෝ වල මට වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඒ ගැන තවත් මට සතුටුයි. මොකද, හැමෝටම ඒ වගේ අවස්ථා ලැබෙන්නේ නැහැ. මම දකින විදිහට මම මොඩ්ලින් ෆිල්ඩ් එකේ ලොකු දුරක් අද වෙන කොට ඇවිල්ලා තියෙනවා කියලා හිතනවා.
නැවතත් ලංකාවට ඇවිල්ලා නිරූපණ කටයුතු කරන්න අදහසක් නැද්ද?
ඔව්, ආපහු ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න ඇඟිළි ගැන ගැන ඉන්නේ. අද මම ඉන්නේ මොන තැන වුණත් ඒ තැන ලැබෙන්නේ හේතුව මම ලංකාවේ මොඩ්ලින් කරපු කෙනෙක් නිසා. මෙහේ වැඩ කරන ගමන් ලංකාවට ඇවිල්ලා මොඩ්ලින් වලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා බලමු ඉදිරියට.
ලංකාවේ හා ඩුබායිවල නිරූපණ ශිල්පියෙකුට හිමිවෙන පිළිගැනිම වෙනස් නේද?
ඔව් හැම රටකම සංස්කෘතියක් තියෙනවා නේ. ඒකට ආවේණිකව තමයි වැඩ කරන්නේ. ඉතින් මෙහෙත් එහෙම තමා. හැබැයි ලංකාවේ මොඩල් කෙනෙක් කිව්වාම මිනිස්සු බලන්නේ අඩු මානසික මට්ටමකින්. ගොඩක් වෙලාවට හිතන්නේ කරන්න දෙයක් නැතිකමට මොඩ්ලින් කරනවා කියලා. කිසිම අධ්‍යාපන මට්ටමක් නැහැ කියලා. ඒත්, මේ රටවල එහෙම නෙමෙයි මොඩස්ලාට හොඳ වටිනාකම් තියෙනවා. කොහොමත් මේ වගේ රටක කාන්තාවකට ගරු කරන්න ඕනා කියලා නිතීයකුත් පනවලා තියෙනවා. ඉතින් ලංකාවේ වඩා හාත්පසින්ම වෙනස්. ලංකාවේ වගේ නෙමෙයි මේ රටේ මොඩ්ලින් ෆිල්ඩ් එක තුළ තරගකාරීත්වයක් තියෙනවා. හැමෝම වගේ දක්ෂයි. පිළිගැනීම වගේම වටිනාකමත් වැඩියි ඒ හින්දා. ඒ විතරක් නෙවෙයි මොඩල් කෙනෙක්ට ලැබෙන්න ඕනා තැන ඩුබායිවල ලබා දෙනවා. මුදල් ගෙවිම් අතින් වුණත් ලංකාවට වඩා ඉතා සාධාරණයි.
බුද්ධික සේනාධීර
පැරණි පුවත් –
කළා ක්ෂේත්‍රයට ගිය ගමන්ම විවාහ වුන එක තමයි මම ජීවිතේට ගත්ත හොඳම තීරණය – නිත්‍යා දේවින්දි
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ සහ රේස් 2 ටෙලිනාට්‍ය තුලින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියලා කියන්නේ. ඉතින් 2019 දෙරණ අවුරුදු කුමරිය තරගයේ අවසන් 12 දෙනා අතරට පිවිසීමත් සමඟ කළා ක්ෂේත්‍රයට දොරටු විවර කරගත් ඇය දැන් කළා ක්ෂේත්‍රය තුල ඉතාම ජනප්‍රිය චරිතයක්. ඉතින් ඒ වගේම පාර දිගේ කියලා කියන්නේ ඇයගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කියලයි ඇය කියන්නේ. ඒ වගේම පාර දිගේ කියන්නේ ඇයගේ හතරවෙනි ටෙලි නාට්‍යය. ඉතින් පාර දිගේ කියන්නේ ඇයට රංගන පාසලක් වගේ කියලත් ඇය කියනවා.
ඒ වගේම ඇයගේ සැමියා තමයි ගීතාංජන ද කොස්තා කියලා කියන්නේ. ඉතින් ඇය ක්ෂේත්‍රයට ආව ගමන්ම විවාහ වුන ඒක ඇය ගත්ත ගොඩක් හොඳ සහ වැදගත්ම තීරණයක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඔහු ඇයව හොඳින්ම තේරුම් අරන් ඉන්න නිසා ඔවුන් දෙන්නා නිදහසේ ජීවත් වෙනවා කියලයි ඇය කියන්නේ. හැබැයි ජීවිතේම රඟපාන්න ගියොත් අවසානයේ දෙන්නම රැවටෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ නිසා ඇය රඟපාන්නේ කැමරාවට පමණයිලු.
ඒ වගේම ඇයගේ සැමියා ඇයට වඩා කළා ක්ෂේත්‍රයේ අවුරුදු ගාණක් ඉන්න ජ්‍යේෂ්ඨයෙක්. ඉතින් ඇය හැම තිස්සෙම ඔහුට කියන දෙයක් තමයිලු ඇය වයිෆ් කියලා ඔහුගේ වැඩවල ඇය ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ කියලා. ඇය කියන්නේ ඇයට චරිතයක් දෙන්න කලින් ඇයට වඩා හොඳ කෙනෙක් ඒ චරිතයට ඉන්නවද කියලා බලන්න කියලාලු. මොකද ඔහු බලන්න ඕනේ නිර්මාණයේ සාර්ථකත්වය මිසක් ගෙදර ඉන්න අය රඟපානවද නැද්ද කියන එක නෙවෙයි කියලයි ඇය කියන්නේ.
ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ කියලා හීන දැකපු කෙනෙක් නෙවෙයි කියලත් නිත්‍යා කියනවා. ඇයගේ ජීවිතේ උඩුයටිකුරු වුණේ ඇයගේ තාත්තාගේ මරණය එක්කලු. එතකොට ඇය දෙවැනි පාරට උසස් පෙළ කරන්න තමයි ඉඳලා තියෙන්නේ. නමුත් ඒ දේවල් අතරමඟ නතර කරලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසා නම් නෙවෙයි, තාත්තාගේ පවුලෙන් ආව ප්‍රශ්න නිසයි. ඉතින් ඇයගේ අම්මා තාත්තා අයියා කැමති වුණත් ඇය කලාවට එනවට ඇයගේ ගෙදර අය අකමැති වුණා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඊට පස්සේ තමයි ඇය අවුරුදු කුමරිය තරඟය හරහා කළා ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ.