
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය නර්ථන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියලා කියන්නේ. ඉතින් ඇය සුන්දර නිරූපණ ශිල්පිනියක් විදිහටත් ඉතාම ජනප්‍රියයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල විශේෂ වැඩක් නම් නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය ඇයගේම ව්‍යාපාරයක් විදියට කෝයල් නමින් සාරී ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ දේවල් එක්ක තමයි මේ දවස්වල ඇයගේ කාලය ගතවෙන්නේ.
ඒ වගේම ඇය එදා ඉඳලම නිර්මාණවලට දායක වුණේ ටිකක් තෝරලා බේරලා කියලයි ඇය කියන්නේ. ඉතින් අදටත් එහෙමම තමයි කියලත් ඇය කියනවා. මොකද නිර්මාණවලට සම්බන්ධ වෙද්දි දැන් තිබෙන විදියත් එක්ක ඇය ඒ තරම්ම සෑහීමකට පත්වෙන්නේ නැහැලු. ඒ වගේම ඒ පිළිවෙළ, වැඩ කරන විදිය ඉස්සරට වඩා දැන් හුඟක් වෙනස්වෙලා තිබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ විදියට වැඩ කරන්න ටිකක් අමාරුයි කියලයි ඇය කියන්නේ. ඒ නිසා ඇය කැමති විදියේ නිර්මාණවලට විතරක් සම්බන්ධ වෙනවා කියලත් නදීෂා කියනවා.
ඒ වගේම ඇය හැදුනේ වැඩුනේ දකුණු පළාතේ වුනාට පස්සේ පදිංචියට කොළඹට ආවට පස්සේ තමයි ඇයට නිලියක් වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් නිළියක් වෙන්න ඇයට පුංචි කාලේ ඉඳලා හීනයක් තිබුණා කියලත් ඇය කියනවා. හැබැයි පොඩි කාලේ ඇයගෙන් කවුරු වෙන්නද කැමති කියලා කවුරුහරි ඇහුවම ඇය ඒ හීනේ හිතේ හංගගෙන වෙන වෙන දේවල් කියනවාලු. මොකද ඒ කාලේ කිව්වට නිළියක් වෙන්න බැරි වුනොත් ලැජ්ජයිනේ කියලා ඇයට ඒ දවස්වල හිතුනාලු. ඉතින් ඒ විදිහට පුංචි කාලේ ඉඳලා දැකපු හීනේ තමා මේ සැබෑවක් වෙලා තියෙන්නේ කියලයි ඇය කියන්නේ.
ඒ වගේම කලා ජීවිතේ දෙයක්ම අමතක නොවන සිදුවීමක් කියලත් ඇය කියනවා. ඉතින් කලා ලෝකය කියන්නේම ජීවිතේ ඇයට අමතක නොවෙන දේවල් රැසක් දුන්න තැනක් කියලයි ඇය කියන්නේ. ඒ නිසා කලාව කියන්නේ ඇය ජීවිතේ ආසාවෙන් පැලඳගත්ත ආභරණයක් වගේම ඇයට ජීවිතේ හැමදෙයක්ම ලැබුණේ කලාව නිසා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
පැරණි පුවත් – දග වැඩ කළා මිසක් මට ඒ කාලේ පාසල් ප්‍රේමයක්වත් තිබිලා නැහැ. හැබැයි ලස්සන කොල්ලො දිහා බලනවා
පුංචි තිරයට ආධුනික රංගන ශිල්පිනියක් වන ඇය නිම්මි මනෝහාරි. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඇයි ඉස්කෝල කාලෙදී ගත කරපු ඒ සුන්දර ජීවිතය පිළිබඳව අත්දැකීම් කීපයක්. නිම්මි කියනවාටත් වඩා ගොඩක් දෙනෙක් ඇයව දන්නේ නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි කියන චරිතය හරහා. ඉතින් මේ පොඩ්ඩි කියන චරිතයට ඇයට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙනවා කියලා නිම්මි සඳහන් කරනවා.
ඉතින් ඒ සුන්දර චරිතය ඉස්කෝලෙ යන කාලෙදි ඒ ගත කරපු සොඳුරු පාසල් කාලය ගැන අදහස් කිහිපයක් පුවත්පතකට ඉදිරිපත් කරලා තිබුණා.ඉතින් එයින් විශේෂිත කරුණු කීපයක් අපි හිතුවා ඔබත් සමග බෙදා හදා ගන්න.
“මම 1 වසරේ ඉදන් 13 වසර දක්වා ම ඉගෙන ගත්තෙ මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයේ. මට මතකයි මම ඉස්කෝලේ ගිය පළවෙනිම දවස අම්මයි තාත්තයි දෙන්නම එක්ක තමයි ගියේ එදා ගොඩක් දෙනෙක් ඇඩුවා ඒත් මම නං ඇඬුවෙ නැහැ. එදා අඬපු අය සනසපු එක තමයි මම කළේ ඒ තරමට මම ඒ කාලේ forward චරිතයක්. ඕනෙම කෙනෙක් එක්ක කතා බහ කරලා ඉන්නවා බයක් කියන දේ ගෑවිලා වත් නෑ ඒ වගේම ගොඩක් දඟයි.
එකම යාළුවොත් එක්ක ඉන්න ඕනේ කියලා මට හැඟීමක් තිබුණේ නැහැ සමස්තයක් විදිහට පුංචි කාලේ ඉඳන් ප්‍රාථමික කනිෂ්ඨ ජේෂ්ඨ අධ්‍යාපනය ලබද්දී හැම දෙනා එක්කම මගේ ලොකු ෆිට් එකක් තිබුණා. කොහොමත් මම ඉස්කෝලේ කැපී පෙනෙන චරිතයක් කිසි දෙයකට බය නැහැ. ඕනෑම දේකට ඉදිරිපත් වීමේ හැකියාවක් තිබුණා පාසලේ මාධ්‍ය අංශයේ සාහිත්‍ය සංගම්,කලා සංගමය හැමදේකම මූලිකත්වය අරගෙන වැඩ කළා. ඒ නිසාම ඉස්කෝලේ මගේ වයස සහෝදරියනුත් මට වැඩිමල් පිරිසක් බාල පිරිසක් මට ගොඩක් ආදරෙයි.”
ඒ විදිහට අදහස් දක්වන නිම්මිට ගොඩක් දෙනෙක් ඉස්කෝලෙ යන කාලෙදි කතා කරලා තියෙන්නෙ ආදරේට ප්‍රියා කියන ආදරණීය නමින්. ඇය පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය කරපු සාමාජිකාවක් වන අතර ඉස්කෝලෙ යන කාලෙදි නර්තනය හදාරන්නත් අමතක කරලා නැහැ. ඒ දේවල් එක්කම පාසල් වෙදිකාවේ අයට ලොකු ඉඩකඩක් වෙන් වෙලා තියෙනවා. නමුත් ඉස්කෝලේ යන කාලේ නම් ලොකුවට රංගනයත් එක්ක ඇයත් සම්බන්ධ වෙලා නැහැ. පසුකාලීනව තමයි අය කලා ලෝකයත් එක්ක වැඩ කටයුතු කරන්න තීරණය කරන්නේ. මුලින්ම අපි කිව්වනේ නිම්මි කියන්නේ ඉස්කෝලේ කාලෙදී ටිකක් දඟ චරිතයක් කියලා. ඉතින් මේ දඟ චරිත යට ඉස්කෝලෙදි හිත ගියපු පිරිමි ළමයෙක් එහෙම හිටියද කියලා අහපුවාම ඇය සඳහන් කළේ මේ වගේ පිළිතුරක්.
“ඇත්තටම දඟ වැඩ කළා මිසක් මට ඒ කාලේ පාසල් ප්‍රේමයක්වත් තිබිලා නැහැ මට පිරිමි යාළුවො ඕනෙතරම් ඉන්නවා. ගෑනු යාළුවොන්ටත් වඩා ඉන්නේ පිරිමි යාළුවො යාලු ෆිට් එකට මිසක් මට ආදරණීය ඇරැයුම් නම් වැඩිපුර ඇවිල්ලා නැහැ. ඒ දේවල් වලට මගෙ යොමුවීමත් තිබුනෙත් නැහැ නමුත් ලස්සන කොල්ලො දිහා බලනවා.”
ඉතින් ඒ පාසල් කාලය සොඳුරු අත්දැකීම් කීපයක් පිළිබඳව ඇය විදිහට තමයි අදහස් හුවමාරු කරගෙන තිබුණේ.