
මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වෙන දෙකොන් මාරු හා හිරූ රූපවාහිනියේ විකාශය වෙන සිහින ගෙනෙන කුමාරි ටෙලි නාට්‍යයේ ඔබ දකින සංදිපනි ජයසූන්දර මෙවර සාරවිට තරු කතබහට අපි මෙසේ සම්බන්ධ කර ගත්තේමු.
සංදිපනි කියන්නේ කලා පවුලක කෙනෙක්?
ඔව්, මගේ අම්මා තාත්තා දෙන්නම කලාවට සම්බන්ධ වෙච්ච අය. ඒ හරහා තමයි කලා ක්ෂේත්‍රයට මගේ පැමිණිම සිදුවන්නෙත්.
කලාව පැත්තට යොමු වෙන්න තිබුණ කැමැත්ත කොහොමද ඔබගේ?
රංගනය පැත්තට නම් සම්බන්ධ වෙන්න කිසිම අදහසක් මට තිබුණේ නැහැ. නමුත්, මගේ අම්මා රඟපනවා දැකලා ඇයට මිනිස්සු ආදරය කරන කොට මටත් ආසාවක් ඇතිවුණා රංගන ශිල්පිණියක් විදිහට වැඩ කරන්න. මේක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක් නෙමෙයි හැබැයි.
ක්ෂේත්‍රය ගැන ඔබ දරණ මතය මොන වගේද?
මේක හොඳ සුන්දර තැනක්. නමුත්, අපි බොහෝම කල්පනාවෙන් යන්න ඕනා ගමනක්. නිවැරදි මාර්ගයේ ගියොත් අපිට හොඳ ගමනක් හොඳ සාර්ථකත්වයක් මේ ක්ෂේත්‍රය තුළින් ලබාගන්න පුළුවන්.
දැනට ඔබ දායක වුණ නිර්මාණ මොනවද?
ගීත රූප රචනා නම් හතරක් පහක් දැන් කරලා තියෙනවා. වෙළෙඳ දැන්විම් දෙකකට දායක වෙලා තියෙනවා. වැඩිපුරම ඉතින් ටෙලි නාට්‍යයවලට තමයි මම සම්බන්ධ වුණේ. මේ දිනවල විකාශය වෙන දෙකොන් මාරු හා සිහින ගෙනෙන කුමාරි ටෙලි නාට්‍යය එක්ක ටෙලි නට්‍යය 12ක් විතර රඟපාලා තියෙනවා.
රංගන ශිල්පිණියකට අද තියෙන පිළිගැනීම කොහොමද?
හොද නරක දෙවිදිහටම පිළිගන්නවා. ඒක තමන් මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන විදිහ අනුව තමයි හිමිවෙන්නේ. මට නම් හොඳ පිළිගැනීමක් ලැබෙනවා. ඉදිරියටත් ඒ පිළිගැනීම ලබාගන්න මම වැඩ කරනවා.
මේක ඔබේ වෘත්තියද?
නැහැ මේක මගේ වෘත්තිය නෙමෙයි. අම්මායි තාත්තායි මේ වෘත්තියේ වැඩ කරන නිසා සම්බන්ධ වුණාට මගේ හිත තියෙන්නේ රූපලාවන්‍ය පැත්තෙන් ඉදිරියට යන්න. ඉදිරියේදී ඒ පැත්තට නැඹුරු වෙන්නත් මම හිතාගෙන ඉන්නවා. කොහොම වුණත් පුළුවන් කාලයක් මේ ක්ෂේත්‍රය තුළ රැඳි සිටින්න තමයි මගේ අදහස.
උදව් කළ අය?
අම්මයි තාත්තායි තමා. ඒ දෙන්නාගේ අතදීම හරහා තමයි මම මේ ක්ෂේත්‍රයට ආවේ.
බුද්ධික සේනාධීර
පැරණි පුවත් – පිය පදවිය කියන්නේ අපූරු හැඟීමක් ඒක මම මුලින් ම විඳින්නේ ආදිත්‍යගෙන් – පේෂල මනෝජ්
දක්ෂ තබ්ලා වාදකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට ගොඩක් දෙනෙක්ගේ හදවත් දිනා ගත්තු ඒ සොදුරු චරිතය තමයි පේෂල මනෝජ් කියන්නේ. ඔහු වැඩි පුරම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ champion star වැඩසටහන මෙහෙයවන නිවේදකයා විදිහටයි.
ඒවගේම නිතරම විහිලු කරලා සතුටින් ඉන්න උත්සහ දරන චරිතයක් විදිහටත් පේෂලව හඳුන්වන්න පුළුවන්. අන්න ඒ නිසාම ගොඩක් දෙනෙක් ඔහුට චෝදනා කරනවා චැම්පියන් ස්ටාර් වැඩසටහනට ආරාධිතයන් විදියට එන ගොඩක් දෙනෙක්ගේ අනවශ්‍ය දේවල් ඇදලා ඇරගෙන පේෂල රෙදි ගලවනවා කියන දේ.
ඒ පිළිබඳව විමසද්දී ඔහු පුවත්පතකට පිළිතුරු දීලා තිබුනේ කෙනෙක් එහෙම තත්ත්වයකට පත්වනවා නම් පත් වෙන්නේ ඔවුන් හැසිරෙන ආකාරයෙන් සහ ක්‍රියා කරන ආකාරයෙන් කියලා ඒ වගේම ඒක විනෝදාත්මක වැඩසටහනක් බවත් විදේශීය රටවල විනෝදාත්මක වැඩසටහන් වල කලාකරුවන් ඒ වැඩසටහනේ ස්වභාවයට අනුව හැඩ ගැසෙනවා කියලත් ඔහු සඳහන් කළා ඒ නිසා එක ලොකුවට හිතාගෙන දඟලන්න අවශ්‍ය නැහැ කියලා තමයි ඔහු කියන්නේ.
කෙසේ නමුත් මේ වන විට සියලුම වැඩ මදකට පසෙකලා පේෂල ජනතාවත් සමග වීදි බැහැල කියලා ආරංචියි. ඒකට මූලිකම හේතුව රට තුළ පවතින අර්බුදකාරී තත්වය වෙනුවෙන් ජනතාව වශයෙන් කතා කරන්න ඕනි කියන හැඟීමක් ඔහුටත් හිතුනු නිසා වෙන්න ඇති. ඔහු සඳහන් කරන ආකාරයට අදූරදර්ශී පාලනය මේ රටෙන් තුරන් විය යුතුයි කියන තැන තමයි ඉන්නේ.
ඒ වගේම පේෂලගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කතා කරද්දි ඔහු දෙවන වර විවාහ වෙනවා ඒ විදියට විවාහ වෙන්න තෝරගන්නේ ක්ෂේත්‍රයේ අති දක්ෂ නිවේදිකාවක් වන ඒ වගේම චතුරිකා පීරිස් කියන රංගන ශිල්පිනියගේ ආදරණීය සහෝදරිය වන පූර්ණිකා පීරිස්.
පූර්ණිකා පේෂල සමඟ විවාහ වෙද්දී ඇයට කලින් කසාදෙන් ආදරණීය පුතෙක් ඉන්නවා. ඔහු නමින් ආධිත්‍යය. නමුත් ඒ කිසිම දෙයක් ප්‍රශ්නයක් ගැටලුවක් කරගන් නැතුව පේෂල මේ ආදරණීය දරුවටත් තාත්තා කෙනෙක් වෙන්න අමතක කළේ නැහැ. ඒ වගේම මේ වන විට ඔහුට තවත් චූටි පුතෙක් ඉන්නවා. දැන් දරුවන් දෙදෙනකුගේ ම ආදරණීය පියෙක් වන පේෂල ඒ අපූරු අත්දැකීම පිළිබඳව පුවත්පතකට අදහස් ඉදිරිපත් කරලාතිබුනේ මේ විදිහටයි.
“පිය පදවියේ කියන්නේ හරි අපූරු විඳීමක්. ඒ හැඟීම මං මුලින් ම විඳින්නේ ආදිත්‍ය ගෙන්. රෑ තිස්සෙ සැරෙන් සැරේ ගහන පා පහරවල් වලින් රෑ තිස්ස නැගිටිමින් ඇඬීම තුළින් මං අපූරු වින්දනයක් ලබනවා. සමහරක් අපහසුකම් හිරිහැර ආදරෙන් විඳින කොට හිතට ලැබෙන වින්දනය වචන වලට පෙරලන්න අමාරුයි මට හිතෙන්නේ ජීවත්වෙනවා කියන්නේ ඒකටයි’
ඔහු දරුවන් සමඟ ගත කරන සුන්දර ජීවිතය පිළිබඳව අදහස් දැක්වූයේ විදිහටයි ඒ වගේම එක්තරා අවස්ථාවකදී පූර්ණිකා පීරිස් එහෙමත් නැත්නම් පේෂළ ගේ ආදරණීය බිරිඳ සඳහන් කරනවා පේශලට ඇය හදවතින්ම ස්තූතිවන්ත වෙනවලු ඇයගේ පළමු කසාද ජීවිතයේ අදරනිය දරුවා වන ආදිත්‍යව කිසිම වෙනස්කමක් කරන්නැතුව රැකබලා ගන්න එකට.
ඉතින් තවත් බොහෝ කාලයක් ඒ ආකාරයෙන්ම මේ සුන්දර පවුලට ආදරයෙන් ජීවත් වෙන්න හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.