පසුගිය මාර්තුවේ දී ආන්දෝලනාත්මක මරණයක් ගැන පුවතක් ලොවට මවමින් දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව ‘හැරල්ඩ් සන්’ සහ ‘මිරර්’ ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් ම වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට වෝන් ගේ අවසාන කැමැත්ත වී ඇත්තේ තම වත්කම් සිය ඥාතීන් අතරේ බෙදා දීමයි.

එහි දී වෝන්ට අයත් ඉඩම් වත්කම් දරුවන් තිදෙනා අතරේ බෙදා දීමට ඔහු සිය අවසන් කැමැත්තෙන් තීරණය කර ඇති අතර එලෙස සිය දරුවන් අතරේ බෙදී යන ඉඩම් වත්කම්වල වටිනාකම යූරෝ මිලියන 12ක් වනවා.

මේ අතර එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, එම වත්කම් අතරින් සියයට 7.5ක ප්‍රමාණයක් සිය සහෝදරයා ඇතුලු ඥාතීන් තිදෙනෙකු වෙත පැවරීමට ද සිය අවසන් කැමැත්තේ සඳහන් කර ඇති බවයි.

කෙසේ වෙතත් වෝන් ඔහුගේ හිටපු බිරිඳ වෙත සිය දේපළවලින් කිසිවක් පැවරීමට කටයුතු කර නැහැ.

තව ද වෝන්ට සතු වූ BMW, Mercedes-Benz වර්ගයේ මෝටර් රථ මෙන් ම Yamaha වර්ගයේ යතුරු පැදියක් ද ඇතුළු ව සියලු ම රථවාහන ඔහුගේ පුත්‍රයා වෙත පවරාදීමට සිය අවසන් කැමැත්තේ සඳහන් කර ඇති අතර වෝන්ගේ පුද්ගලික ණය සහ සෙසු බැංකු ගිණුම්වල ඇති අතිවිශාල ධනය ද බෙදී යන ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් කර තිබෙන බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

පැරණි පුවත් -එයාට ව්‍යාපාර කිහිපයක්ම තියෙනවා, මම ආදරේ එයාගේ සල්ලි වලට නෙවෙයි හදවතට

ගීත්මා බණ්ඩාර කියන්නේ මේ දවස්වල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක්, ගීත්මා කළා ලෝකය තුල වැඩිපුරම ජනප්‍රිය වුනේ සංගීතේ ටෙලිනාට්‍ය හරහායි, ඉතින් මේ දවස්වල කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ගීත්මා එක්ක අපි ටිකක් කතා කරන්න හිතුවා, ඉතින් ගීත්මා මොකද වෙන්නේ මේ දවස්වල ‘මේ දවස්වල ඉතින් සංගීතේ ෂූටින් තමයි, ඒ වගේම පහුගිය කාලයේ පොඩි පොඩි වැඩ ටිකක් කළා, තව නිර්මාණ කිහිපයක් බාර අරගෙන තියෙනවා, ඒ වැඩත් කරගෙන ඉන්නවා”

ඒ කියන්නේ දැන් ගීත්මා ගොඩක් කාර්යබහුල කෙනෙක් වෙලා..? ”එහෙම කිවුවත් වැරද්දක් නෑ, මොකද මම මේ ක්‍ෂේත්‍රයට එනවත් එක්කම මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබුනා, හැබැයි මම තෝරාගත්තේ මට හොඳයි කියලා හිතෙන නිර්මාණ විතරයි, හැබැයි මම තිරයේදී චරිත වර්ග කරන්නේ නෑ, පෙම්වතිය වගේම දුෂ්ට චරිත වුනත් මම ආසාවෙන් බාරගන්නවා, හැබැයි ඒ නිර්මාණවල තේරුමක් තියෙන්න ඕන තේරුමක් නැති නිකන් චරිතනම් මම බාරගන්නේ නෑ”

රංගන කටයුතතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද, ”මම පොඩි කාලේ ඉඳලම රංගනයට ආරාධනා ලැබුනා හැබැයි අපේ ගෙදර අය ඒකට කැමති වුනේ නෑ, ඒ අය කිවුවේ ඔයාට තේරෙන කාලෙක ඕවට යන්න කියලා, මම හිරු නාලිකාවේ අවුරුදු කුමරිය වෙනවට අම්මා කැමති වුනේ නෑ පස්සේ ඒකට කැමති වුනා, ඊටපස්සේ මම රංගනයට සම්බන්ද වෙනවට අකමැති වුනා, මම මේ ක්‍ෂේත්‍රය නරක තැනක් නෙවෙයි කියලා එයාලා පෙන්නලා දීලා තමයි රංගන ශිල්පිනියක් වුනේ,”

දැන් ගීත්මා කියන්නේ ආදරවන්තියක් කියලා හැමෝම දන්නවා, ඉතින් කියන්නකෝ බලන්න ඔයාගේ ආදරේ ගැන ”අනේ මම නම් අහිත් අය වගේ මගේ ආදරේ ගැන පම්පෝරි ගහන්නේ නෑ, මොකද ආදරේ අද තියෙනවා හෙට නෑ එහෙමනේ අද කාලේ ආදර කතා, හැබැයි මම විශ්වාස කරනවා මම තෝරාගෙන තියෙන්නේ හරිම කෙනා කියලා, එයා ව්‍යාපාරිකයෙක්, පවුලේ ව්‍යාපාරයක් වගේම, නුවරඑලියේත් එයාට ව්‍යාපාර කිහිපයක්ම තියෙනවා, එයාගේ රූපයවත් සල්ලිවත් බලලා නෙවෙයි එයා එක්ක යාලු වුනේ, එයා හරිම අවංක ආදරණීය කෙනෙක්, ඒ වගේම එයාට ගොඩක් අවංක හදවතක් තියෙනවා, අපි දෙන්නා ළඟදීම විවාහ වෙන්න ඉන්නේ,”

මෙන්න බලන්න තවත් පුවත්