
උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදු නොකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව කළ විධානය කඩ කරමින් අපහස කළ බවට, විදුලි බල මණ්ඩලය සහ එහි සභාපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) තීන්දු කර තිබේ.
අද දින මෙම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබ ඇත්තේ දින දෙකක් පුරා සිදු කළ දීර්ඝ කරුණු අධ්‍යයනයකින් අනතුරුවයි.
මානව හිමිකම් කොමිෂන් සභාව ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී නොමැති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර සඳහන් කර ඇත.