
මෙවර උසස් පෙළ ගිණුම්කරණය විෂයට පෙනී සිටි සිටි සිසුවියක තමන්ට එම විභාග ශාලාවේ නිරීක්ෂකවරයකුගෙන් සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාට පැමිණීලි කර ඇත.
මෙලෙස අසාධාරණයට ලක්ව ඇත්තේ මෙවර දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින පලාගල, මිරිහම්පිටිගම පදිංචි සිසුවියකි. විභාග ශාලාවේදී තමන්ට සිදුවූ එම අසාධාරණයටම එම ශාලාවේම සිටි තවත් සිසුන් කිහිප දෙනෙකුටම මුහුණ දීමට සිදුවූ බවද ඇය පවසන්නීය.
සිසුවිය කළ පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ
ගිණුම්කරන විෂයට අදාල පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න අවශ්‍ය ගණක යන්ත්‍ර භාවිතා කරන්න සිසුන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසා සිසුන් ගණක යන්ත්‍ර රැගෙනවිත් තිබුණා. මමත් ඒ සදහා ගණක යන්ත්‍රයක් රැගෙන ගියා. මම රැගෙන ගියේ සැලසුම් සකස් කිරීමට නොහැකි ගණක යන්ත්‍රයක්.
නමුත් විභාගය අවස්ථාවේදී එම ශාලාවේ හිටපු නිරීක්ෂක මහත්වරු මගෙත් තවත් සිසුන් කිහිප දෙනෙක්ගෙත් එම ගණක යන්ත්‍ර ඉවත් කරන්න කටයුතු කළා.
මගේ වගේම එම ශාලාවේ හිටපු තවත් සිසුන් කිහිප දෙනෙකුගේ ගණක යන්ත්‍ර ඉවත් කිරීමට එම විභාග නිරීක්ෂකවරයා කටයුතු කළා. ශාලාවේ සෙසු පිරිස් ගණක යනුත්‍ර භාවිතා කළා. අපි දෙතුන් දෙනකුට තමා භාවිතා කරන්න දුන්නේ නැත්තෙ. මම මේ වතාවේ දෙවැනි වරටයි අ.පො.ස.උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ. පසුගිය වසරේදීත් මම මේ විභාගයට රැගෙන ගියේ මෙම ගණක යන්ත්‍රයමයි. එහිදී ගැටලුවක් නැතුව මම ගණක යන්ත්‍රය භාවිතා කළා යැයි ඇය පවසන්නී.
පැරණි පුවත් – මම වැඩිපුරම රඟපෑවේ බොලිවුඩ් චිත්‍රපට වල, ලංකාවේ අය දන්නැති වුනාට මම ලෝකෙම ගොඩක් ජනප්‍රියයි – ගම්‍යා විජයදාස
2009 දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීමෙන් සිනමා රංගනයට පිවිසි ගම්‍යා විජයදාස කියලා කියන්නේ බොලිවුඩ් සිනමාවේ රංගනයට අවස්ථා ලබා ගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම වෘත්තියෙන් ව්‍යවසායිකාවක් වන ඇය අලෙවි හා කළමනාකරණ අංශයේ උපාධිධාරිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. Aalaap 1970 ලව් ස්ටොරි සහ යූටරින් චිත්‍රපටය වගේම ඇය රඟපෑ තවත් බොලිවුඩ් චිත්‍රපටයක් වන Wrongway චිත්‍රපටය මේ දිනවල ප්‍රේක්ෂකයින් වෙත මුදාහැර තිබෙනවා. ඒ Disney Hotstar (ඩිස්නි හොස්ටාර්) ඇප් එක ඔස්සේ.
ඉතින් ලෝකයේ වැඩිම දෙනෙක් දැන් ෆිල්ම්ස් නරඹන නෙෆ්ලික්ස් ඇප් එකට පමණක් දෙවැනි වූ ඩිස්නි හොස්ටාරි ඔස්සේ වැරදි මග හෙවත් Wrongway චිත්‍රපටය නිසා ලෝකයේ බොහෝ දෙනෙක් දැන් ගම්‍යා කියන්නේ කව්ද කියලා දන්නවා. ඉතින් අපේ රටේ තරුණියක් වන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තිබුණා.
ඉතින් රංගනයේ දී බොහෝ දුරට ලංකාව ඇතුළේ කෙරෙන වැඩ අඩුයි කියලයි ඇය නම් කියන්නේ. නමුත් මේ අවුරුද්දේ ඒක වෙනස් වේවි කියලත් ඇය කියනවා. ඒකට හේතුව ඇය කළ වැඩ කිපයක්ම මේ අවුරුද්දේ එළියට එන්න තියෙන නිසා. ඒ වගේම ඇය මේ දිනවල චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන ‘චණ්ඩි කුමාරිහාමි’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. ඉතින් මේක වෘතාන්ත ටෙලි නාට්‍යයක් විදිහට ටෙලි නිර්මාණයකට එක් වූ ප්‍රථම අවස්ථාව කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම එහි ප්‍රධාන චරිත අතරින් එක් චරිතයක් වන හින් මැණිකේගේ චරිතය රඟපාන්නෙ ඇය.
ඒ වගේම ඇය ලෝකයේම ජනප්‍රිය වෙලා ඉන්න ‘වැරදි මග’ Wrongway චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ 2015 දී විතර. ඉතින් අවුරුදු 6ක් 7ක් පමණ කාලයක් බොලිවුඩයේ නිර්මාණවලට දායක වෙමින් ඉන්නකොට මේ චිත්‍රපටය තමයි මේ විදියට ඊලිස් වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ළඟදීම තව චිත්‍රපටයක් එන්නත් තියෙනවාලු. ඉතින් මේ චිත්‍රපටයේ පිරිස අතරින් අද කිප දෙනෙක් සුපිරි තරු වෙලා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒක හරි සතුටක් කියලත් ඇය කියනවා. ඒත් එක්කම මේ චිත්‍රපටයේ ෂූට් කළ අන්දම ඇයට ගෙනත් දුන්නෙ ත්‍රාසජනක බවක් කියලයි ඇය කියන්නේ. මොකද රාත්‍රියේ කැලෑවක තමයි ෂූට් කරලා තියෙන්නේ.
ඒ නිසාම ඇය බය වුණේ හොල්මන්වලට නොවෙයි සර්පයන්ට කියලත් ඇය කියනවා. ඒ වගේම කාට හරි ටොයිලට් යන්න අවශ්‍ය වුණාම කැලෑවෙ සවිකර තිබූ ටොයිලට් එකට පවා යද්දී ආරක්ෂාව ලබා දුන්නත් හැබැයි හැමෝම රාත්‍රිය ගත කළේ බයෙන් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.