ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමි තරුණයකු නැති වූ  බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටිද්දී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දියාවේ එන්.ඩී.ටීවී. වෙබ් අඩවිය පවසයි.

එඩේ සමුලු නමැති එම ගැමි තරුණයා ඔඩිස්සා ප්‍රාන්තයේ කොරාපුත් නමැති දිළිඳු ගම්මානයේ වැසියෙකි.

අසනීප තත්ත්වයකින් පසුවුණු බිරිඳ කිලෝ මීටර් 130 ක් දුරින් විශාඛාපට්නම් නගරයේ රෝහලකට ප්‍රතිකාර සඳහා යැවුණි.

වෛද්‍යවරු තීරණය කර ඇත්තේ රෝගී තත්ත්වය උත්සන්නවී ඇති බැවින් බිරිඳ බේරා ගැනීමට නොහැකි බවය.

පසුව බිරිඳ රෝහලේ දී නැති වී ඇති සිරුරු ගම්මානයට ගෙන යෑම ගැටලුවක් විය.

මුදල් නොමැති බැවින් කුලී රථයක් සොයා ගැනීමට ද එඩේ සමුලු හැකියාව ලැබී නැත.

ගම්මානයට යෑමට කුලී රථ රියදුරන් ඉන්දීය රුපියල් 2,000 ක මුදලක් ඉල්ලා ඇතැයි ද පැවැසෙයි.

අවසානයේ බිරිඳගේ සිරුර කරේ තියන් පයින් ගම්මානයට යෑමට තරුණයා තීරණය කර ඇත.

පොලිස් නිලධාරීන් පැමිණ වෑන් රථයක් ලබා දී සිරුර ගම්මානයට ගෙන යෑමට පිහිට වී ඇත්තේ එවිටය.

(එන්.ඩී.ටීවී.)

පැරණි පුවත්- යාළුවෙලා ඉන්න කෙල්ලට මේ ලක්ශණ තියනව නම් කීයටවත් කසාද බදින්න එපා

කසාද බදිනවා කියන්නෙ ජීවිතේ ඉදිරිය ගැන අපි ගන්න ලොකුම තීරණය.බදින්න කලින් තේරුනේ නෑ කියල ගොඩාක් අය කිව්වත් බදින්න කලින් පේන අඩුපාඩු ඉදිරියේ අන්ධ වෙලා ඉදීම තමයි බොහෝ අයට සිදු වෙලා තියන්නෙ.

සැක කරන කෙනෙක් නම් වෙන්න එපා
බොහෝ කාන්තාවන් තමන්ගෙ සැමියා සැක කරනව. සැකය මානසික රෝගයක්. ජීවත අපායවල් කරලා ආදරේ එපා කරන්න සැකයට පුළුවන්. විවාහ උනාම සැක නොකර ඉදී කියල හිතුවත් කාර්යාල තුලට හොරෙන් කඩා පනින, සැමියා ඇසුරු කරන අය ඉදිරියේ සැමියා ලැජ්ජා කරන්න පවා මේ සැක කරන බිරින්දෑවරු පසුබට වෙන්නෑ.

ඔබේ සිහින ඇගේ සිහින
මේ වෙද්දි ගැහැණු පිරිමි දෙපාර්ශවයම තමන්ගෙ ජීවිත වල අධ්‍යාපන , වෘත්තීය , සිහින හඹා යනවා. ඉස්සර වගේ සැමියාගේ සිහින පමණක් ඉටු කරගෙන තමන්ගෙ සිහින මරා දාන්න බොහෝ යුවතියන් සූදානම් නෑ . ඇයට ඔබේ සිහිනයට උදව් කරන්න බැරි වෙන්න පුළුවන් .ඇය වෙනම සිහිනයක් දකිමින් ඒ සිහිනය ඉටු කරගන්න වෙහෙසෙනව වෙන්න පුළුවන් .ඒක කිසිම ගැටලුවක් නෑ . නමුත් ඇය ඔබේ සිහින අවතක්සේරු කරමින් හාස්‍යට ලක් කරමින් හැසිරෙනව නම් එබදු යුවතියක් සමග දිවිය එතරම් සුන්දර වන්නෙ නෑ.

කොයිවෙලේත් මූණ එල්ලං ඉන්න කෙල්ලො
සැමදෙයක්ම 100% ක් සර්ව සම්පූර්ණ වෙන්න ඕනි කියල බලාපොරොත්තු වෙන සහකාරියක් එක්ක මැරෙනකම් ජීවත් වෙන එක ලොකු දඩුවමක්. කොයි දේ කරන්න ගියත් මදිපාඩු අඩුපාඩු කිය කිය කෙදිරි ගාන, නිතරම නැති දෙයක් අඩු දෙයක් ගැනම පැමිණිලි කර කර බුම්මන් ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ජීවිතේ විදින්න නම් කවදාවත් වෙන්නෙ නෑ. ඔබෙන් ලැබෙන කිසිම දේකින් ඇය සෑහීමකට පත් වෙන්නෙ නෑ.

Update නැති
විවාහයට යුවතියක් තෝරා ගන්නව කියන්නේ එතනදි ඔබ තෝරා ගන්නේ බිරිදක් පමනක් නෙවෙයි . ඔබේ දරුවන්ගේ අම්මා වීමට සුදුසුකම් තියන කෙනාවත් ඔබ ඒ සමගම තෝරා ගන්නව . ඉතින් කිසිම දෙයක් ගැන දැනුමක් නැති , මූලික ජීවන නිපුනතා ගැන අවබෝධයක් නැති , කිසිදු ශිල්පයක් නොදන්නා, දැනුම සොයා යාමට අකමැති කෙනෙක් කීයටවත් ඔබේ දරුවන්ගේ මව වීමට සුදුසු නෑ. ඇය රැකියාවක් කලත් නොකලත් දැනුම සොයා යන කෙනෙක් වීම අනිවාර්යයෙන් විය යුතුයි.

ස්වාධීන නැති බිරිදක්
ඉස්සර කාලෙදි නම් ගෙදර වෙලා සැමියා නැන්දම්මා මාමන්ඩි නෑනල ඔක්කොටම ඔලුව නවාගෙන කුස්සියට වෙලා කාලේ ගෙවන කෙනෙක් බිරිද කර ගන්න පිරිමි කැමති උනත් මේ වෙද්දි ලෝකෙ යන රටාව එක්ක ජීවිතේ දියුණුවට කැමති පිරිමි සොයන්නේ ස්වාධීන කාන්තාවක්. ආර්ථික අතින් සමාජීය අතින් ස්වාධීන ශක්‍තිමත් බිරිදක් ඔබේ දියුණුව වේගවත් කරනව සහ ස්ථාවර කරනවා. ස්වාධීන බවක් නැති තීරණ ගන්න බැරි කෙනෙක් ජීවිතේට ගන්න එක දියුණුව අඩාල කරන තීරණයක්.

මෙන්න බලන්න තවත් පුවත්