රත්තොට රිවස්ටන් ගෝනමඩ ප්‍රදේශයේ දි මෝටර් රථයක් අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් මෝටර් රථය පැද වූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ බිරිය මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙම අවසනාවන්ත අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් සැරයන්වරයාගේ බිරිද වන මාතලේ උකුවෙල ගුරලවෙල පදිංචි දිලරුක්ෂි වික්‍රමසිංහ නැමති 33 හැවිරිදි එක් දරු මවකි.

මාතලේ මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා පවුලේ පිරිස සමග රිවස්ටන් බලා ධාවනය කරමින් තිබියදි මෙම අවසානවන්ත අනතුරට මුහුණ පා ඇත.

අනතුරින් පොලිස් නිලධාරියාසහ 11 හැවිරිදි දියණියද පොලිස් නිලධාරියාගේ නැනාද ඇයගේ අට හැවිරිදි දියණියද තුවාල ලබා ඇති අතර ඔවුන්ද මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.

පැරණි පුවත් – පාරේ බැහැලා යන්නවත් බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.ඒ තරමට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙනවා

බොහෝ රූපවාහිනී නාලිකා වල මේ දිනවල ප්‍රේක්ෂකයන් ඇද බැද තබා ගන්නා ආකර්ෂණීය ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඉතින් ඒ අතරින් මෙගා ටෙලි නාට්‍ය ගණයට වැටෙන ටෙලි නිර්මාණයක් තමයි සංගීතය ටෙලි නිර්මාණය කියන්නේ. ඒ නිර්මාණය තුළින් නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසකගේ මුහුණු කලා ලෝකයට හඳුන්වා දුන්නා. ඒ විදිහට නව පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට රංගනයෙන් නිර්මාණවලට දායක වන ඇය නමින් ගිත්මා බණ්ඩාර යි.

මේ සුන්දර සුරූපී රංගනශිල්පිනිය මේ දිනවල සංගීතය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකින් රසිකයන් හමුවට එනවා. ඒ වගේම විවිධ ආකාරයේ වෙළෙඳ දැන්වීම්වලටත් ඇය තමන්ගේ රංගන දායකත්වය ලබා දෙනවා ඒ වගේ වැඩ රැසක් එක්ක මේ දවස් වල ගිත්මා කාර්යබහුලයි. ඇයව ගොඩක් දෙනෙක් අදුරගත්තේ සංගීතය ටෙලිනාට්‍ය නිසයි ඒ ටෙලි නාට්‍යය පිළිබඳව ගිත්මා කිව්වේ මේ වගේ කතාවක්.

“සංගීතය නාට්‍ය අසිනි කියන චරිතය තමයි මම කරන්නේ.ඒ අසෙනි කියන්නේ අහිංසක ගැහැණු ළමයෙකු චරිතයක් ඉතිං ඇගෙත් ආදරය පාසල් කාලේ පටන් යන ආදර කතාවක්. ඉතින් ඒ ආදරේට විරුද්ධකම් ගොඩක් තියෙනවා ගෙදරින් ගුටි කන්න වෙලා තියෙනවා නමුත් ඒ ආදරේ ජය ගන්න සටනක යෙදෙනවා ඒ වගේ දුක් බාධක මැදින් දිවෙන චරිතයක් මේක මේ වෙද්දි ප්‍රේක්ෂක ආදරය උපරිම විදිහට ලැබිලා තියෙනවා මේ වෙනුවෙන් ඒ ගැන නම් මට ගොඩක් සතුටුයි.”

ඇය ඒ විදියට අදහස් දක්වන අතර ආධුනික රංගන ශිල්පිනියක් නිසා සෑම අවස්ථාවකදීම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක වැඩ කටයුතු කරන්න ලැබීම ම ජීවිතය මහත් භාග්‍යයක් කියලත් සඳහන් කරනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ මඟ පෙන්වීම සහ ඔවුන් ලබා දෙන අවවාද අනුශාසනා සියල්ල ඇය රංගන ජීවිතය සාර්ථක කරගන්න යොදා ගන්නවා කියලත් සඳහන් කරනවා.

“මගේ කලා ජීවිතය ආරම්භයේ නම් ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන් එක වැඩ කරන්න අවස්ථාව තියෙනවා ඒ ප්‍රවීණ චරිතයන්ගෙන් අපිට ගන්න තියෙන දේවල් වගේම අපිට ලබාදෙන මගපෙන්වීම ඇත්තටම විශිෂ්ටයි. ඇත්තට අද පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා ඉතින් ඒ තරමට ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා ඒ ආදරය මම විඳිනවා හරිම සතුටින්”

ගිත්මා ඇයගේ රංගන ජීවිතය පිළිබඳව ඒ විදිහට තමයි අදහස ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ඇගේ ඒ ජීවිතය සහ ඉදිරි අනාගත බලාපොරොත්තුව එයාකාරයෙන් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්