
සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට නිරීක්ෂණය වී තිබේ.මෙම සිදුවීම සම්බන්ධයෙන් විද්‍යාඥයින් පවසන්නේ ඔවුන් පරීක්ෂණ සිදු කරන බවය.
සූර්යයාගෙන් ගිනි දැල් විමෝචනය වීම සාමාන්‍ය සිදුවීමක් වුවද මෙය පෙර නොවූ ආකාරයේ විමෝචනයවීමක් බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදු කරන බවත් ඔවුන් පවසා තිබේ.
කෙසේවෙතත් මෙවැනි සිදුවීම්වලින් පෘථිවියට යම් බලපෑමක් ඇති විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ වැඩි අවධානයක් යොමුවී ඇත.