තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් පැය 90ක් සුන්බුන්වල සිරවී සිටි මවක සහ අලුත උපන් දරුවෙකු බේරා ගැනීමට හැකි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දින 10ක් වයසැති යාගිස් නමැති එම ළදරුවා සුන්බුන්වල සිර වී සිටියදී බේරාගෙන ඇත්තේ, හතායි පළාතේදී ය. දරුවා සහ මව බේරාගත් වහා ම රෝහල්ගත කර තිබිණි.

එම භූ කම්පනවලින් මේ වන විට පුද්ගලයින් 21,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.

භූමිකම්පාවෙන් පීඩාවට පත් වූ තුර්කිය සහ අසල්වැසි සිරියාව යන දෙඅංශයේම සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මෙම දරුණු භූමිකම්පාවෙන් බොහෝ මිනිසුන්ට නිවාස අහිමි වී ඇති අතර නවාතැන්, ජලය, ඉන්ධන සහ විදුලිය නොමැති අතර තුර්කි ජනාධිපති Recap Tayyip Erdogan  එය “සියවසේ ව්‍යසනය” ලෙස පවසා ඇත.

මෙන්න බලන්න තවත් පුවත්