
අද (10) දහවල් මඟීන් රැගත් තවත් ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ.
රත්නපුර – සිරිපාගම මාර්ගයේ ඉඳුරුව – මහවංගුව අසලදී බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර රියදුරාට වේගය පාලනය කරගැනීමට නොහැකිව එම අනතුර සිදුවී ඇති බවට වාර්තා වෙයි.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ගිලීමලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ හේතුවෙන් රත්නපුර රෝහලට මාරු කර යවා තිබේ.