අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ තනතුරු අත්හිටුවීමට නව ප්‍රතිපාදන ගෙන ඒමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ. 

ට අදාළ ප්‍රතිපාදන කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ  පවතින නීතිය යටතේ අල්ලස් චෝදනා එල්ල වුවද, එය සනාථ වනතෙක් නගරාධිපතිවරුන්ට හා සභාපතිවරුන්ට පළාත් පාලන ආයතනවල සිය ධුර දැරීමට අවකාශ පවතින බවයි.

මෙන්න බලන්න තවත් පුවත්