ගිනිගත්හේන, පේරගහමුල ප්‍රදේශයේ නිවසක් තුළ මව සහ දියණිය අභිරහස් ලෙස මියගොස් තිබෙන බව වාර්තා වේ.

නිවසේ පදිංචිකරුවන් දින ගණනාවක් පිටතට නොපැමිණි බවත්, එම නිවස දෙසින් දුගධක් හමන බවට ගිනිගත්හේන පොලීසියට අද (09) ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැනුම් දීමක් මත සිරුරු දෙක සොයාගෙන ඇති අතර එසේ මියගොස් ඇත්තේ ගිනිගත්හේන පේරගහමුල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි ප්‍රදීපා ඉන්ද්‍රානි නමැති මව සහ 30 හැවිරිදි  ලක්මිණි ලක්මාලි නමැති දියණියකි.

පොලීසිය පැවසුවේ සිරුරු දෙකම නිදන කාමරයේ ඇද මත තිබූ බවයි.

කෙසේවෙතත් මියගිය දෙදෙනා මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය බවත්, මියගිය කාන්තාවගේ සැමියා සහ පුතා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත් අනාවරණය වී තිබේ.

මෙය සියදිවි හානි කරගැනිමක් බවට පොලීසිය සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙන්න බලන්න තවත් පුවත්