ඉතිරි කිරීමේ ගිණුමේ පාස් පොතෙන් රුපියල් ලක්‍ෂ 2 කට අඩු මුදලක් නැවත ගන්නා අවස්ථාවකදී වාණිජ බැංකු රුපියල් 15 සිට රුපියල් 50 දක්වා අමතර ගාස්තුවක් අය කරයි.

මෙම අය කිරීමත් සමඟ කිසියම් පුද්ගලයෙක් පාස් පොත යොදාගෙන රුපියල් 50 ක මුදලක් නැවත ගතහොත් ඇතැම් පෞද්ගලික වාණිජ බැංකු එම මුදලට සමාන මුදලක් අමතරව අය කරන තත්වයක් ඇතිවී තිබේ.

මෙරට ප්‍රධාන පෞද්ගලික වාණිජ බැංකුවක් මේ වන විට රුපියල් 50 ක අමතර මුදලක් අයකරන අතර තවත් ප්‍රධානතම පෞද්ගලික වාණිජ බැංකුවක් රුපියල් 15 ක් අය කරයි.

රුපියල් 50 ක් අය කරන පෞද්ගලික බැංකුවෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ රුපියල් ලක්‍ෂ 2 කට අඩු මුදලක් ලබාගන්නා ගණුදෙනුකරුවන්ගෙන් එම අමතර මුදල අයකරන බවත් ටෙලර් යන්ත්‍රයෙන් කාඩ්පත භාවිතයෙන් මුදල් ලබාගන්නේ නම් එම මුදල අය නොකරන බවයි.

ජනතාව පවසන්නේ කාඩ්පතක් නොමැති පුද්ගලයකු මාසයකට අවස්ථා 10 කදී පාස්පොත භාවිතයෙන් මුදල් ලබාගත හොත් රුපියල් 500 ක මුදලක් අමතරව ගෙවීමට සිදුව ඇති බවත් මෙය දුප්පත් ජනතාවට කරන දැඩි අසාධාරණයක් බවත්ය.

පැරණි පුවත් – මම අවුරුදු ගානක් අතින් කන්නේ නැතුව මට අතින් කන්න ආසා නැහැ.මට දැන් මෙහෙම අල්ලද්දි පොඩ්ඩක් අප්පිරියයි වගේ

කලා ලෝකය තුළ නිතරම කතාබහට ලක්වෙන සුන්දර රංගන ශිල්පිනියක් තමයි සචිනි අය්‍රෙන්ද්‍රා.ඇයගේ පළමු සිනමා නිර්මාණයම විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය දිනා ගන්නත් ජනප්‍රියතාවය හිමි කරගන්නත් මේ සුන්දර කලාකාරිණිය ට අවස්ථාව උදා වුණා.ඉතින් අද වන විට දරුවන් දෙදෙනකුගේ මවක් විදිහට ඔවුන් සමග ජීවත්වෙන ඇය වැඩිපුර නම් ටෙලි නිර්මාණ හරහා වත් සිනමාව හරහා වත් දැක බලාගන්න අවස්ථාව උදා වෙන්නේ නැහැ.

ඒකට හේතුව ඇය ව්‍යාපාරිකාවක් විදිහට දීර්ඝකාලීන ම තමන්ගෙම ව්‍යාපාර ආයතනයක් ආරම්භ කරලා වැඩ කටයුතු කරන නිසා වෙන්න ඇති.ඒ වගේම සචිනි සඳහන් කරනවා එක්තරා අවස්ථාවකදී ඇයගේ ජීවිතය දී ගත්තු හොඳම තීරණය ව්‍යාපාරිකාවක් විදියට තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න එක කියලයි.

ව්‍යාපාරිකාවක් විදිහට කටයුතු කරත් කලාව තුළ ඕනෑම දෙයකට සම්බන්ධ වෙන අය තාමත් දෙපාරක් හිතන්නේ නැහැ.පසුගිය කාලේ වැඩි වශයෙන් ඇය පිළිබදව ඔන්න නැවත වතාවක් කතා කරන්න පටන් ගත්තා.ඒකට හේතුව ඇය අත් ග්ලවුසයක් පලදගෙන ආහාර ගන්නා වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වීම නිසයි. මේක දැක්ක වෙලාවේ පටන් නොයෙකුත් දෙනා ඇයට විවිධ දේවල් කියන්න පටන් ගත්තා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නොදන්න අයට වැඩි දුරටත් ඒ ගැන කියලා සචිනි පසුගිය දවසක යූටියුබ් වැඩසටහනකදී කරපු ප්‍රකාශයක් අපි හිතුවා ඔබට උපුටා දක්වන්න.

“මගේ nails නිසා මට අතින් බත් කන්න බැහැ.අතින් බත් කෑවොත් මේ ඔක්කොම කහ වෙනවා.ඉතින් ග්ලවුස් දාලා ඒක කෑවට අපිට කිසිම වරදක් නැහැ.කාට උනත් ග්වුස් දාලා බත් කන්න පුළුවන්. දැන් ලෝකෙ තියෙන ඉහළම පෙළේ හෝටලයකට ගියොත් අතින් අල්ලන කෑමක් කන්න තිබ්බොත් එයාලා අනිවාරෙන්ම ග්ලවුස් දෙකක් දෙනවා.මම ඉස්කෝලේ ගියේ මහනුවර බාලිකා විද්‍යාලයකට.එතකොට හැන්දෙන් තමයි අපි බත් කෑවේ.මම ඉස්කෝලෙන් අවුට් වුණ මමත් ගෙදර ඉද්දිත් අතින් කෑවා අඩුයි.ඊට පස්සෙ මම nails දාන්න පටන් ගත්තහම අතින් කන්නෙම නැහැ.දැන් මම අවුරුදු ගානක් අතින් කන්නේ නැතුව මට අතින් කන්න ආසා නැහැ.මට දැන් මෙහෙම අල්ලද්දි පොඩ්ඩක් අප්පිරියයි වගේ.සෝ මගේ ළමයි ඒක දන්නවා. මම අතින් කන්නෑ කියලා.”.

ප්‍රසිද්ධ යූටුබ් වැඩසටහනකට සහභාගි වෙලා ඔන්න ඔය විදිහට තමයි සචිනි අදහස් දක්වලා තිබුණේ

මෙන්න බලන්න තවත් පුවත්