පොලිස් ක්‍රීඩා නිල ඇඳුමෙන් සැරසී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් සිවිදෙනෙක් නිට්ටඹුව මාඉඹුල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

ඊයේ (8) රාත්‍රියේදී නිට්ටඹුව මාඉඹුල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් සෝදිසි මෙහෙයුමක නිරතවෙමින් සිටියදී ක්‍රීඩා ඇඳුමෙන් සැරසී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු පරික්ෂා කිරීමේදී ඔවුන් ව්‍යාජ පොලිස් නිලධාරීන් බවට හෙළි වූ බවත් සැකකරුවන් සන්තකයේ අත් විලංගු යුගලක් තිබූ බවත් හෙළිවූ බව පොලිසිය පවසයි.

අදාළ සැකකරුවන් කිසියම් අපරාධයක් සඳහා මෙලෙස පොලිස් නිල ඇදුමෙන් සැරසී ගමන් කර ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27-30 අතර පුද්ගලයන් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

උපුටා ගැනීම – ලංකාදීප

මෙන්න බලන්න තවත් පුවත්