පෙමට පිටු පෑවැයි කෝපයට පත් වූ තරුණ පෙම්වතෙකු ඉකුත් නිදහස් දා සිය පැරැණි පෙම්වතිය යතුරුපැදියකින් හප්පා තුවාල සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිලිකාරිය සහ සැකකරු අතර කලක් ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති බවත් පැමිණිලිකාරියගේ පාර්ශවයෙන් එම ප්‍රේම සම්බන්ධතාවට විරෝධතා මතුවීම නිසා පැමිණිලිකාරිය සම්බන්ධය නවතා ඇති බවත් ආරංචි මාර්ග පවසනවා.

පැමිණිලිකාරිය තම මව සමඟ නිවස අසල පිහිටි වෙළඳසලක් වෙත පා ගමනින් යමින් සිටියදී සැකකරු යතුරුපැදියක් ධාවනය කරමින් පැමිණ පෙම් සම්බන්ධතාව නවතාලීම සම්බන්ධයෙන් තර්ජනය කර මෙසේ යතුරුපැදියෙන් හප්පා ඇති බව පොලිසිය වැඩිදුරටත් කියයි. යතුරුපැදියේ ගැටී තුවාල ලත් පැමිණිලිකාරිය මිනුවන්ගොඩ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පැවසේ.

පැරණි පුවත් -මම ප්‍රසිද්ධ හෝටලේකට යනවා මේ ගානට කියලා කතාවක් ආවා.සමහර ඒ බිස්නස් එක කරන්න මගෙ වගේ හැඩරුව තියෙන අය ඩීල් කරනවා

නෙහාරා පීරුස් කියන්නේ හැමදාමත් පුංචි තිරය තුල අලුත් දෙයක් කරන්න උත්සහ දරන දරන අතිශයින් දක්ශය සාර්ථක රංගන ශිල්පිනියක්. විවාහ වෙලා ඉන්නේ කොයි කවුරුත් දන්න ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමග කියන්න කවුරුත් දන්නවා.

ඉතාමත් සාර්ථක දිවියක් ගත කරන නෙහාරා සහ මේනකා මේනකගේ නැවත වතාවක් ආදරණීය දියණියක් දියණියක් තමන්ගෙ කැදැල්ලට ගේන්න වාසනාවන්ත වුණා.දැන් මේ දෙන්නම දියණියන් දෙදෙනකුගේ දයාබර දෙමව්පියන්.සියලුම දේවල් එක්ක සතුටින් නිදහසේ ජීවිතේ බෙදා ගන්නා නෙහාරා සහ මේනක කලක් විදෙස්ගත වෙලා වැඩ කටයුතු කළා

මේනකගේ අධ්‍යාපන වැඩකටයුතු සඳහා එයා කලින් විදෙස් ගත වුණත් නැවත වතාවක් දෙන්නම ලංකාවට ආවා.ලංකාවට ඇවිල්ලා ආයේ රඟපාන්නේ කියලා හිතාගෙන හිටියත් ප්‍රේක්ෂකයන්ගෙන් එදා වගේම ආදරයක් ලැබුණු නිසා මේ දෙන්නම තීරණය කරනවා ආයෙමත් සැරයක් කලාවත් එක්ක එකතු වෙනවා කියලා.

ඊට පස්සේ අපිට මේනක ව අධ්‍යක්ෂක වරයෙක් විදිහටත් ටෙලි නාට්‍ය හරහා දැකබලාගන්න අවස්ථාව උදාවුණා.නෙහාරා සුපුරුදු පරිදි ටෙලි නිර්මාණ හරහා එකතු වුනු අතර දරු ප්‍රසූතිය වෙනුවෙන් ඇය නැවත වතාවක් ටික කාලයක් විවේකයක් ගත්තා.ඒ විදිහට ජීවිතය සමබරව ගෙන යන මේ දෙන්නම සමාජය විසින් කියන කට කතා වලටත් නිරන්තරයෙන්ම ගොදුරු වෙච්ච කලාකරුවන් දෙන්නෙක් කිව්වොත් නිවැරදියි. විශේෂෙන්ම නෙහාරාට ගොඩක් දෙනෙක් විවිධ කතා නිර්මාණය කරන්න පටන් ගත්තා.කතා හදන අයට කතා හදන්න දීලා ඒවා පැත්තකට වෙලා මේ කණින් අහලා එහා කණින් පිට කරන නෙහාරා ඒ වගේ සිදුවීමක් පිළිබඳව පසුගිය දවසක යූටියුබ් සාකච්ඡාවක් එක්ක එකතු වෙලා මේ වගේ අපූරු කතාවක් කිව්වා.

“ඒ දවස් වල දවස් වල පැතිරෙන කට කතා කීපයක් කිව්වොත් අපි හඳුනන කෙනෙක්ගෙ යාලුවෙක් කියලා තියෙනවා මම ලංකාවට එනවා මම නෙහාරව බුක් කරලා තියෙන්නෙත් මෙච්චර ගානකට කියලා. ඒ වගේ දේවල් මගේ කනට ආවම එක තැනකදි මට හිතුනා තාත්තා කියපු දේ ඇත්ත කියල. මේ ක්ෂේත්‍රය කොච්චර භයානකද කියලා හිතුනා.තවත් අවස්ථාවකදී මම ප්‍රසිද්ධ හෝටලේකට යනවා මේ ගානට කියලා කතාවක් ආවා.සමහර ඒ බිස්නස් එක කරන්න මගෙ වගේ හැඩරුව තියෙන අය ඩීල් කරනවා.ඇත්තටම මම මේ දේවල් හංගගෙන ඉඳලා තේරුමක් නෑ.ඒකයි දැන් කිව්වේ”

ඉතින් ඒ විදිහට අදහස් දක්වන නිසා නෙහාරා මීට ඉහතදීත් නොයෙකුත් ආකාරයේ ඇගේ යැයි කියන වීඩියෝ මට සංසරණය වීමේ අවුල කටත් මුහුණ දුන්නා.නමුත් ඒ සියලුම දේවල් ඇයගේ නොවන බව වටහා ගත් ප්‍රේක්ෂකයන් වෙනදටත් වඩා ඇයට ආදරය කළා.ඉතින් ඒ ආදරයත් එක්කම ඉදිරි ජීවිතය සාර්ථකව ගත කරන්නට හැකියාවක් ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

මෙන්න බලන්න තවත් පුවත්