
තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් විපතට පත් වී, බිමට සමතලා වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවුණු දරු දැරියන් මුදා ගන්නා හද කම්පා කරවන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.
එවැනි එක් වීඩියෝවකින් දකින්න ලැබෙන්නේ සුන්බුන් අතරේ සිරවී සිටින 7 හැවිරිදි සිරියානු දැරියක, ඇගේ කුඩා සොහොයුරා සුන්බුන්වලින් ආරක්ෂා කර ගනිමින් ඔහු තුරුලු කරගෙන සිටින අයුරුය.
දැරිය සහ ඇගේ සොහොයුරා වීඩියෝ කර ඇත්තේ ඔවුන් මුදා ගැනීමට ආ දිවි ගලවා ගැනීමේ කණ්ඩායමය.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බොහෝ දෙනකු මේ වනවිට share කර අවසන්ය.
ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ද සිටී.
මේ නිර්භීත දැරියට මාගේ හද පිරි ප්‍රණාමය යැයි සිය ටිවිටර් ගිණුම ඔස්සේ ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ.
පැරණි පුවත් – මම අවුරුදු 8ක් ආදරය කරලා නොගැලපීම් නිසා වෙන්වුණා, දැන් අපි දෙන්න හොදම යාලුවෝ
කලා ක්ශේෂ්ත්‍රය තුළ බිහි වූ රංගන ශිල්පීන් අතර චරිතාංග නලුවෙක් විදියට ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතා ඉහලින් ලබා ගත්ත දක්ෂ රංගන ශිල්පියෙක් තමයි චමීර ලියනගේ කියන්නේ. පසුගිය කාලයේ ඔහු රංගනය කල ටෙලිනාට්‍යය ගණනවක්ම පුංචි තිරය හරහා අපේ ආලින්දයට පැමිණියා. ඒ අතරින් චමීරගේ රංගන කුසලතාවය ඉතා ඉහලින්ම දැක ගන්න පුලුවන් වුණු ටෙලිනාට්‍යය ගණනාවක්ම තියෙනවා.
රන්තිලිවැව ටෙලිනාට්‍යයේ ‘දාස’ විදියටත් ගිරිදේවි ටෙලිනාට්‍යයේ ‘කුමාර’ විදියටත් දාම් ටෙලිනාට්‍යයේ ‘කෙවින්’ විදියටත් අපි අතරට ආපු චමීරව මේ දිනවල පුංචි තිරය හරහා අපිට දැක බලා ගන්න පුලුවන්. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යයේ සුන්දරා විදියටයි. සුද්දි සමගින් ආදරයක පැටලෙන්න එන සුන්දරාට දැන්නම් ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය හරහා ආදරය කරනවා. ඉතින් කෝලම්කුට්ටම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය හරහා රංගනය කරන චමීර ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ගගන පියවර ටෙලිනාට්‍යයේ ත් රංගනයෙන් දායක වෙනවා.
සුන්දරා කියන චරිතය ගොඩක් ආසාවෙන් බාර ගත්ත චමීරට මුලින්ම ලැබුනේ ලොකු අභියෝගයක්. ඒ අඩි 15ක් ගැඹුර ගගට පනින්න. ඉතින් පොඩි කාලේ ඉදලා පීනන්න පුලුවන් නිසා චමීර ඒ අභියෝගය භාරගත්තා. ඒ වගේම කිඹුල්ලු ඉන්නවා කියලා ආරංචි වුණත් ඔවුන් ගගේ බැහැලා රූගත කිරීම් කරනවා. චමීරගේ සහ කාවින්ද්‍යාගේ බ්‍රයිඩල් ෆොටෝ ශූට් එකක් පසු ගිය දා සමාජ මාධ්‍ය හරහා බෙහෙවින් ජනප්‍රිය වුණා.
එ නිසා චමීරගෙන් ගොඩ දෙනෙක් අහලා තියෙනවා කාටවත් නොකියා බැන්දද කියලා. ඉතින් කෝලම්කුට්ටමට අනුව සුන්දරා සුද්දිගේ ආදර කතාව මේ විදියට ගලා ගෙන ගියාට සැබෑ ජීවිතයේදී චමීර තවම පෙම්වතෙක් නෙමෙයි. ඒ ගැන ඔහු පුවත් පතක දක්වලා තිබුණේ මෙවැනි අදහසක්.
” මම කැමතියි මේ විදියට තව ටික කාලයක් නිදහසේ ඉන්න. මොකද මේ කාලේ තව කෙනෙක්ව ජීවත් කරවන්න තියා තනියම ජීවත් වෙන්නත් අමාරු තත්වයක් තියෙන්නේ. මම අවුරුදු 8ක් ආදරේ කරලා නොගැලපීම් නිසා වෙන්වුණා. නොගැලපීම් තියෙයිනම් තව දුරටත් එකට ඉන්නවට වඩා වෙන් වෙන එක හොදයි. දැන් අපි දෙන්නම හොද යාලුවෝ. ‘’
මේ වන විට ටෙලිනාට්‍යය 40කට අධික සංඛ්‍යාවක රංගනය කරලා තියෙන චමීර තුන් වතාවක් නැගී එන නලුවා විදියට සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා. ඒ වගේම ඔහු වලවෙට්ටුවා ටෙලිනාට්‍යයේ රංගනයට රයිගම් සම්මානයට පාත්‍ර වුණා. ඉතින් මේ විදියට කලාව තුලින් ඉදිරි ගමනක් යන්න තමයි චමීරගේ ඉදිරි බලාපොරොත්තුව.