පොළොන්නරුව ඔරලෝසුකණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වේ.

පොළොන්නරුව නගර ග්‍රාම නිලධාරී වසමේ ඉඩමක මාර්ගයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කරගනිමින් එම පහරදීම සිදුව ඇති බවත් පහරකෑමට ලක්වු ග්‍රාම නිලධාරීවරයා පවසන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තමාව ඔහුගේ නිල රථයේ නංවාගෙන අදාළ ස්ථානය වෙත රැගෙන ගිය බවත් සදහන් වේ.

ග්‍රාම නිලධාරීවරයා ප්‍රකාශ කළේ පසුව ඔහු විසින් අදාළ ඉඩමේ පවතින ගැටලුව විසඳීමට තමාට උපදෙස් ලබාදුන්න ද එහි පවතින නීතිමය ගැටලුවක් හේතුවෙන් එය විසඳීමට තමාට හැකියාවක් නොමැති බවයි.

එහෙත් එම ගැටලුව විසඳා යළි තමාව හමුවන ලෙසට උපදෙස් ලබා දී එම ස්ථානයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා ඉවත්ව ගිය පසු එක් පාර්ශවයක් විසින් තමාට පහරදුන් බව ග්‍රාම නිලධාරීවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු තමාට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

අද දිනයේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින්පොළොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරීවරුන් අසනීප නිවාඩු වාර්තා කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටී.

මෙන්න බලන්න තවත් පුවත්