
උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.
කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතා ට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසීය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් සැරයන් 1445 බටුවත්ත,පොලිස් කොස්තාපල්වරුන් වන 77090 බාලසූරිය 31867 රාජගුරු ,92896 අකිල යන නිලධාරීන් තරුනියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්ෂම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසීයැයි වැටලීම සිදුකල පොලිස් නිලධාරියකු පැවැසීය.
පැරණි පුවත් – මගේ ලොකුම බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම, නමුත් රංගනයෙන් ඉවත් වෙන්නත් අදහසක් නැහැ – සශ්‍රිකා සේමිණි
දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් සෙවන් තරගයේ අවුරුදු 08න් පහළ ගායන අංශයේ දක්ෂතම පුංචි තරුව වෙමින් ක්ෂේත්‍රයට පැමිණි පුංචි කළා තරුවක් තමයි සශ්‍රිකා සේමිණි කියලා කියන්නේ. ඉතින් දක්ෂ ගායන ශිල්පිනියක් වන ඇය රූපවාහිනි වෙළෙඳ දැන්වීමක් හරහා තමයි රංගනයට පිවිසෙන්නේ. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම්වල වොයිස්වලින් රූපවාහිනී හඬකැවීම්වලට සම්බන්ධ වෙන්න ඇයට අවස්ථාව ලැබුණා. ඊට අමතරව මේ වසරේ සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය තරගය වගේම සෑම වසරකම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වැඩසටහනකටත්, නත්තල් වැඩසටහනකටත් නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්නත් ඇයට අවස්ථාව හිමි වෙලා තියෙනවා.
ඉතින් මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල පාසල් කටයුතු සහ ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ කටයුතු වගේම තවත් රූපවාහිනි නාළිකාවක අලුත් හඬකැවීම් කටයුත්තක වැඩකටයුතු කරනවා කියලයි ඇය කියන්නේ. ඊට අමතරව ගුවන්විදුලි නාලිකාවක ඇය කරන වැඩසටහනේ නිවේදන කටයුතුත් සිදු කරගෙන යනවා කියලත් ඇය කියනවා.
ඉතින් ඉස්කෝලේ ටෙලිනාට්‍ය නිසා ඇයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ලොකු සතුටක් වගේම පුංචි නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මේ දවස්වල නම් වැඩි අවධානයක් ලබා දෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳව කියලයි සශ්‍රිකා කියන්නේ.
ඉතින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉවර වෙලා විදේශගත වෙන්න අදහසක් තිබෙනවා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇයගේ ලොකුම බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම කියලයි ඇය කියන්නේ. නමුත් කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් කළා වැඩකටයුතුත් සිදුකරන අතරතුර වෘත්තීය විධියට වෛද්‍යවරියක් වීම තමයිලු ඇයගේ සිහිනය. ඒ වගේම ඇය අධ්‍යාපනයට මුල් තැන දෙන ගමන් විනෝදාංශය විධියට කලා ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.