
උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසයි.
තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.
කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතා ට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා කියා සිටී.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් සැරයන් 1445 බටුවත්ත,පොලිස් කොස්තාපල්වරුන් වන 77090 බාලසූරිය 31867 රාජගුරු ,92896 අකිල යන නිලධාරීන් තරුනියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්ෂම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බවත්
එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසීයැයි වැටලීම සිදුකල පොලිස් නිලධාරියකු කියා සිටී.
උපුටා ගැනීම – ලංකාදීප