
දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අයදුම්පත් කැඳවා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවයේ නිරතව සිටින වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම් කළ හැකි බවත් දැනට උසස්පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩිනමින් පිරවීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර ඉන් පසුව ඉතිරිවන අනෙකුත් පුරප්පාඩු සඳහා සෙසු උපාධිධාරීන් බඳවාගැනීමට කටයුතු කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.