
බදු අහෝසි කළොත් රුපියල් බිලියන එකසිය හැට තුනක් රටට අහිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සදහන් කරයි.
මේ අවස්ථාවේ එය කරන්නට නොහැකි බවත් බදු පැනවූයේ කැමැත්තෙන් නොවන බවත් ඔහු කියා සිටී.
එහිදී අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ ,
“මට අවශ්‍ය ජනප්‍රිය වන්න නොවේ. රට වැටී ඇති තත්වයෙන් ගොඩ එන්නයි. මා රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. .අප කැමති කැමැති වූ දේ කළ පමණින් රට ගොඩනගන්නට බැහැ.උපයන විට බද්ධ අහෝසි කළ හොත් රටට බිලියන සීයක් අහෝසි වෙනවා.අහිමි වන සම්පුර්ණ මුදල රුපියල් බිලියන එකසිය හැට තුනක් වෙනවා .මේසා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක අපි නැහැ