අද (08) පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින්  13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මහා සංඝරත්නය විරෝධතාවයක් ආරම්භ කල අතර භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීමත් සමග භික්ෂූන් වහන්සේලා හා පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

එහිදී පොලිසිය පාගමනට බාධා එල්ල කළත් භික්ෂූන් වහන්සේ අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූහ.

අනතුරුව භික්ෂූන් වහන්සේ පාගමනින් දියත උයන පසුකරමින් පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළහ.

මෙන්න බලන්න තවත් පුවත්