පළාත් පාලන ඡන්දය පැවැත්වීම තීරණය වනුයේ තව දින තුනකින් ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත බවත් ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කර ගෙන යන අතර, දැනට ගැටලුවක් නොමැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සදහන් කරයි.

එමෙන්ම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අවශ්‍ය මුද්‍රණ කටයුතු සිදුකරමින් පවතින බව කියා සිටි ඔහු පෙන්වා දුන්නේ අවශ්‍ය මුදල් ප්‍රශ්නය විසඳා ගැනීමට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වෙත ඉල්ලීම් කළ නමුත්, මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කළ බවයි.

කෙසේවෙතත් මේ වනවිට පළාත් පාලන ඡන්දය පැවැත්වීමට පක්ෂව සහ විපක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් වී ඇති බව ත් එම පෙත්සම් සලකා බැලීම තව දින තුනකින් සිදුකිරීමට නියමිතව ඇති බවත් වැඩිදුරටත් සදහන් වේ.

Source – මව්බිම

මෙන්න බලන්න තවත් පුවත්