
හෙට (08) උදෑසන 8.00 සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
09 වනදා උදෑසන 8.00 දක්වා එය ක්‍රියාත්මක බවත් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් වීරසිංහ මහතා සදහන් කරයි.